ඉදිරි පැය 36ට කාලගුණෙන් හදිසි නිවේදනයක්
දිවයිනේ පළාත් කිහිපයකට සහ දිස්ත්‍රික්ක රැසකට ඉදිරි පැය 36 තුළ වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
2026 නොවැම්බර් මස 05 වැනිදා පස්වරු 4.00ට නිකුත් කළ කාලගුණ අනාවැකියට අනුව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, උතුරු මැද සහ දකුණු පළාත්වලට පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව පවතී.
එමෙන්ම මන්නාරම, කිලිනොච්චිය සහ වවුනියාව දිස්ත්‍රික්කවල ද පස්වරු කාලයේදී වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.
විශේෂයෙන් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
එසේම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ද ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි වැසි ලැබීමේ හැකියාව පවතී. මේ අතර නැගෙනහිර පළාතේ මෙන්ම මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්කවල ද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව සඳහන් වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු ඇති විය හැකි බැවින් ඒවායින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
තවද සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද පැවතිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.
ඒ අනුව වැසි සහිත කාලගුණික තත්ත්වයන් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත්, විශේෂයෙන් ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වන ලෙසත් ජනතාවට උපදෙස් දෙනු ලැබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

