තරුණයින් පිරිසකගේ හෙල්මට් ප්‍රහාරවලින් මිය ගිය එක් දරු පියා ගැන ඇහෙන, දුක්මුසු කතාව…

වැලිපැන්න ගල්මත්ත ප්‍රදේශයේදී පාසල් සිසුන් තිදෙනකුගේ පහර කෑමට ලක්ව මියගිය එක් දරු පියාගේ මෘතදේහය තැන්පත් කර තිබු සොහොන හාරා තම ස්වාමිපුරුෂයාගේ හිස ඇතුළු කොටස් රැගෙන ගොස් ඇති බව මියගිය අයගේ බිරිඳ වැලිපැන්න පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

2023 වසරේ පෙබරවාරි මස 14 වන දින ගල්මත්ත ප්‍රදේශයේදී පාසල් සිසුන් තිදෙනෙක් සමග ඇතිවූ ආරවුලකදී හෙල්මට් ප්‍රහාරයකට ලක්ව සිදුව දොන් රංග විරාජ් ජයසිංහ නමැති 35 හැවිරිදි මෙම එක්දරු පියා ඝාතනයට ලක් වුනා.

ඔහුගේ දේහය අධිකරණ නියෝගයකට අනුව වැලිපැන්න පොලිස් වසමේ ගල්මත්ත ,කුරුදිප්පිට සුසාන භුමියේ කොන්ක්‍රීට් දමන ලද වලක භූමදානය කල අතර එචක පටන් ඔහුගේ බිරිඳ සහ ඥාතීන් ඔහු වෙනුවෙන් ගුණානුස්මරණ පිංකම් පැවැත්වෙන දින වලදී සහ වෙනත් විශේෂ දිනවලදී එම සොහොන පවිත්‍ර කර පහන් දැල්වීම සිදුකර තිබෙනවා.

මෙවර වෙසක් පොහොය වෙනුවෙන් ඔහුගේ සොහොන පවිත්‍ර කිරීමට පවුලේ ඥාති සොහොයුරන් දෙදෙනකු පැමිණි විට එම මිනී වල හරා තිබෙන බව දැක මියගිය අයගේ බිරිඳට දැනුම් දී ඇත.

අනතුරුව මියගිය අයගේ බිරිඳ වන පී.දිල්හාරි ප්‍රසාංගිකා යන අය එම ස්ථානයට පැමිණ පරීක්ෂා කර බලා වැලිපැන්න පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

Related Posts

ලංකාවට වාහන ගේනකන් බලාගෙන ඉඳපු හැමෝටම සුබ පණිවිඩයක්

ලංකාවට වාහන ගෙන්වීම සම්බන්ධයෙන් නිරන්තරයෙන් කතාබහට ලක් වෙනවා….

Read more

ඔබත් ඔස්ට්‍රේලියාවට යන්න සිහින දකිනවාද? මෙන්න අලුත් වූ Visa කොන්දේසි…

පළමුවනදා සිට ඔස්ට්‍රේලියාවේ සංචාරක වීසා හිමියන්ට එරටට ගොස්…

Read more

හඬපට එළියට ! සළුපිළි අහකට ! නවක නිළියන් 45000 ට සැපයූ, කාම රැල්ලේ නිළියගේ සම්පූර්ණ පැටිකිරිය මෙන්න…

නිළියන්, නිරූපිකාවන් ඇතුළු කාන්තාවන් ධනවත් ව්‍යාපාරිකයන්ට අලෙවි කිරීමේ…

Read more

රෙදි වැල් යටින් යන්න හොඳ නෑ කියන්නේ ඇත්තද? මෙන්න ඇත්තම හේතුව දැනගන්න…

කාරණාව නම් මිත්‍යාවක් නෙවෙයි. ඇත්තටම අපි නිවස රෙදි…

Read more

අද මධ්‍යම රාත්‍රියේ මුළු ලංකාවටම සතුටුදායක ආරංචියක්…

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව වෙත අනුමත…

Read more

රටම දන්න නිළියගේ ගණිකා ජාවාරම – Video

මත්පැන් සාද පවත්වා ධනවත් ව්‍යාපාරිකයින්ට කාන්තාවන් අලෙවි කිරීමේ…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *