චතුරංග – දුෂේනි යුග දිවියට යද්දී මෙතෙක් නිහඬව සිටි සචින්ගෙන් අමුතුම හෙළිදරව්වක්

Editorial Staff by Editorial Staff -
2,007 views 0 comments

ක්ෂේත්‍රයේ විවිධ හැලහැප්පීම්, අසාධාරණයන් සහ කටකතා හමුවේ වුවද කිසිවිටෙකත් ජීවිතය එපා වී නොමැති බවත්, එක දොරක් වැහෙද්දී ඉදිරියට තවත් දොරවල් රැසක් විවෘත වන බවට වන දැඩි විශ්වාසයෙන් ජීවිතයට මුහුණ දෙන බවත් ජනප්‍රිය රංගන ශිල්පී සචින් ලියනගේ පවසයි.

පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් සචින් ලියනගේ සඳහන් කළේ, තමාට හිමිව තිබූ රංගන අවස්ථාවන් වෙනත් අය උදුරාගත් අවස්ථාවල පවා නොසැලෙන අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කළ බවයි.

පියාගේ අභාවයෙන් පසු අම්මා සහ අක්කලා තුන්දෙනාගෙන් සැදුම්ලත් පවුලේ එකම පිරිමි දරුවා වන තමාට, රංගන ක්ෂේත්‍රයේ සාර්ථකත්වය කරා යාමට මවගෙන් සහ පවුලෙන් විශාල සහයෝගයක් හා ආශීර්වාදයක් ලැබෙන බවද ඔහු පැවසීය.

සමාජ මාධ්‍ය තුළ තමා ආත්මාර්ථකාමී අයෙකු ලෙස හඳුන්වා දීමට උත්සාහ කළද, තමා හිතේ කහටක් නැතුව හැමෝම සමග සුහදව ජීවත් වන අයෙකු බව සචින් එහිදී අවධාරණය කළේය.

මේ වන විට තනිකඩ ජීවිතයක් ගතකරන බව සඳහන් කළ රංගන ශිල්පියා, ප්‍රේම සම්බන්ධතා නිසා රංගන කටයුතුවලට බාධා ඇතිවිය හැකි බැවින් මේ මොහොතේ සිය සම්පූර්ණ අවධානය රංගනය වෙනුවෙන් යොමු කිරීමට තීරණය කළ බව කියා සිටියේය. එමෙන්ම ආදරයේදී සර්වසම්පූර්ණ මිනිසුන් සෙවීමට වඩා අවංකකම, ආදරය සහ වැරදි අඩුපාඩු කතාබහ කරගෙන සහයෝගයෙන් ජීවත්වීම තමා අගය කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

“මම දැන් තනිකඩ ජීවිතයක් ගතකරන්නෙ. ආදරය කියන්නෙ හොද අත්දැකීමක්. හැබැයි මම දැන් කැමති තනිකඩව ඉන්න.ආදරය සහ අවංකකම තමයි මම වැඩිපුර බලාපොරොත්තු වෙන්නෙ. අපි හැමෝම සර්වසම්පූර්ණ මිනිස්සු නෙමෙයි. ඉතින් ජීවත්වෙනකොට වැරදි අඩුපාඩු වෙනවා. ඒ දේවල් කතාබහ කරලා හදාගෙන සහයෝගයෙන් ජීවත්වීම ආදර සම්බන්ධතාවයකදි මම බලාපොරොත්තු වෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?