හැමෝම මාව දාලා ගියා.. මම හිඟන්නෙක් නෙවෙයි – බුකිය කළඹපු චන්දිමාල්ට කළකිරෙයි [VIDEO]
කාලෙන් කාලෙට සමාජ මාධ්ය ඔස්සේ නිතර නිතර කතාබහට ලක් වන චරිත අතර ප්රවීණ රූපලාවන්ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ නමත් උඩින්ම තියෙනවා.
ඔන්න ඉතින් මේ පාර ගොඩක් අය චන්දිමාල්ගේ රූපය ගැන කතා කරන්න පටන් අරන්. කොහොම වුණත් ඒ සියලු කතාවලට චන්දිමාල් නම් දීලා තියෙන්නේ මේ වගේ උත්තරයක්.
“ මේ ඉන්ඩස්ට්රිය හරි අමාරුයි. මම සල්ලි හම්බකරනවාට ඉරිසියයි, මම ලස්සනට අඳිනවාට ඉරිසියයි, මම කෙට්ටුවෙනවට ඉරිසියයි, මම මහත්වෙනවට ඉරිසියයි.. මම ආසයි ලස්සන දේවල් කරන්න. මගේ ගෙදර අය කියන්නේ මේ දේවල් නතර කරන්න. ගෙදර අය අහනවා මෙහෙම දුක් විඳින්නේ ඇයි කියලා. මොකද මට කාලා බීලා ඉන්න තරම් මට ඕන තරම් සල්ලි තියෙනවා. මට ජීවිතේ කිසිම අපහසුතාවයක් නෑ. මට ජීවිතේ දැන් කිසිම දේකට ලොකු ආසාවල් තියෙන කෙනෙක් නෙවෙයි. මීට වැඩිය ප්රශ්න ආවත් මම ආරක්ෂා වුණේ මම අදහන ආගමට අනුව මම ජීවත්වෙන නිසා. මට හරිම කනගාටුවක් තියෙනවා මේ ඉන්ඩ්රස්ට්රියේ සමහර පුද්ගලයෝ ගැන. මොකද ඒ අය ගොඩක් පහත් තැනට වැටුණා. මට මිනිස්සුන්ව ගොඩක් අඳුරගන්න පුළුවන් වුණා මේ තැනදි. ලොකු කළකිරීමක් තියෙනවා. හැමෝම මාව දාලා ගියා.. මගේ ස්පොන්සර්ස්ලා මට නැති කළා. ඒ මොනවා කළත් මම මේ ඉන්ඩ්රස්ට්රියෙන් උපයගත්ත දෙයක් තියෙනවා. මම හිඟන්නෙක් නෙවෙයි ”
අඳාළ වීඩියෝව පහතින් උපුටා දක්වා ඇත,
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
