අපහසුතාවයට පත් සියලුම පාරිභෝගිකයන්ට ලිට්‍රෝ සමා­ගමෙන් විශේෂ දැනුම්දීමක්

Editorial Staff by Editorial Staff -
1,098 views 0 comments
Advertisement

ලිට්‍රෝ ගෑස් සමා­ගම මඟින් ලිට්‍රෝ ගෑස් සිලි­න්ඩර ලක්ෂ 7ක් හෙට (27) වන විට රට පුරා බෙදා හැරී­මට පිය­වර ගනි­මින් ඇති බව දන්වා ඇති බව සඳහන්.

ඒ අනුව ලිට්‍රෝ ගෑස් ලංකා සමා­ගම සඳ­හන් කර ඇත්තේ ලිට්‍රෝ ගෑස්ව­ලට වෙළෙ­ඳ­පොළ තුළ පව­තින ඉහළ ඉල්ලුම සහ පාරි­භෝ­ගික අව­ශ්‍ය­තාව සැල­කි­ල්ලට ගනි­මින්, ඉකුත් 22 වැනිදා මෙර­ටට ළඟා වූ ගෑස් නෞකා­ව සහ අද (26) පැමි­ණී­මට නිය­මිත නෞකා­වට අම­ත­රව, GOODWILL නෞකා­ව ද මෙට්‍රික් ටොන් 3,900ක ගෑස් තොග­යක් රැගෙන ඉකුත් ඔක්තෝ­බර් 24 වැනි දින මෙර­ටට ළඟා වූ බවයි.

එබැවින් ගෑස් බෙදා­හැ­රීම් කඩි­නම් කිරී­මට සමා­ගම පිය­වර ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව ඉදිරි දින කිහි­පය තුළ පාරි­භෝ­ගි­ක­යන් හට ගෘහස්ථ ගෑස් කිසිදු හිඟ­ය­කින් තොරව වෙළෙ­ඳ­පො­ළෙන් ලබා­ගත හැකි බව සමා­ගම තහ­වුරු කරන බව වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?