බෙංගාල බොක්කේ නව සුළි කුණාටුවක් නිර්මාණය වෙයි
2026 ඔක්තෝබර් 23 වැනිදා පස්වරු 4.00ට නිකුත් කළ ඉදිරි පැය 36 සඳහා වන සාමාන්ය කාලගුණ අනාවැකියට අනුව, දිවයිනේ ප්රදේශ රැසකට වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
ශ්රී ලංකාව ආසන්නයේ පැවති අඩු පීඩන කලාපය මේ වන විට දිවයිනෙන් ඉවතට බටහිර දෙසට ගමන් කරමින් පවතී.
මේ අතර, උතුරු අන්දමන් දූපත් ආශ්රිත බෙංගාල බොක්ක ප්රදේශයේ නව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී තිබේ. එම පද්ධතිය ඔක්තෝබර් 24 වැනිදා වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බව අනාවැකියේ සඳහන් වේ.
ඉන් අනතුරුව බටහිරට බර වයඹ දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය වන එම පද්ධතිය, ඔක්තෝබර් 25 වැනිදා වන විට ගැඹුරු පීඩන අවපාතයක් බවටත්, ඔක්තෝබර් 26 වැනිදා උදෑසන වන විට බෙංගාල බොක්කේ බටහිර මධ්යම ප්රදේශය ආශ්රිතව සුළි කුණාටුවක් බවටත් පත්වීමට ඉතා ඉහළ සම්භාවිතාවක් පවතී.
මෙම කාලගුණ පද්ධතියෙන් ශ්රී ලංකාවට සෘජු බලපෑමක් අපේක්ෂා නොකෙරුණද, එම පද්ධතිය දෙසට ඇදී යන සුළං ප්රවාහය දිවයින හරහා පැවතීම හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී විශේෂයෙන් නිරිතදිග ප්රදේශවල වැසි තත්ත්වය ඉහළ යා හැකි බවද සඳහන් වේ.
ප්රදේශ රැසකට මිලිමීටර් 75 ඉක්මවූ වැසි බස්නාහිර, සබරගමුව, මධ්යම, උතුරු සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. මෙම ප්රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක් තද වැසි ඇති වීමේ හැකියාව පවතී.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
තවද, මධ්යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකි බවද අනාවැකියේ වැඩිදුරටත් සඳහන් වේ.

ඔබේ ප්රතිචාරය කුමක්ද ?

