දරුණු භූමිකම්පා දෙකක් – සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් වෙයි – දකුණු පැසිෆික් සාගරය කැලඹෙයි

Editorial Staff by Editorial Staff -
1,356 views 0 comments
Advertisement

දකුණු පැසිෆික් සාගරයේ පිහිටි වනුආටු (Vanuatu) දූපත් සමූහයට ආසන්න මුහුදු තීරයේ රික්ටර් මාපක 7.2ක් සහ 6.9ක් ලෙස සටහන් වූ භූමිකම්පා දෙකක් වාර්තා වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රබල භූකම්පනයත් සමඟ පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය (Pacific Tsunami Waing Centre) විසින් සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවයි.

භූකම්පනය සිදුවූ අභ්‍යන්තර මධ්‍යස්ථානයේ (Epicentre) සිට කිලෝමීටර් 300 ක සීමාව ඇතුළත පිහිටි වෙරළබඩ කලාප වෙත නාශක සුනාමි රළ එල්ල වීමේ අවදානමක් පවතින බව අදාළ මධ්‍යස්ථානය පවසයි.

පළමු භූමිකම්පාව මැග්නිටියුඩ් 7.2ක් ලෙස සටහන් වූ අතර, එහි කේන්ද්‍රය වනුආටු හි ‘සොලා’ (Sola) ප්‍රදේශයට බටහිර දෙසින් කිලෝමීටර් 200ක් පමණ දුරින්, කිලෝමීටර් 10ක් ගැඹුරින් පිහිටා තිබුණි. ඉන් තත්පර 25කට පමණ පසු මැග්නිටියුඩ් 6.9ක තවත් භූමිකම්පාවක් වාර්තා විය.

එහි කේන්ද්‍රය ‘පෝට්-ඕල්රි’ (Port-Olry) ප්‍රදේශයට බටහිර-වයඹ දෙසින් කිලෝමීටර් 197ක් පමණ දුරින්, කිලෝමීටර් 10ක් ගැඹුරින් පිහිටා තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?