අද හෙට සහ අනිද්දා – බිහිසුණු සුළි කුණාටුවක්? කාලගුණය නරක අතට
කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසන්නේ උතුරු අන්දමන් දූපත් ආශ්රිත බෙංගාල බොක්ක ප්රදේශයේ පැවති අඩුපීඩන කලාපය එම ප්රදේශය ආශ්රිතවම පවතිමින් අද (24) දින වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.
කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසන්නේ එම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය වී ඔක්තෝබර් මස 25 දින වනවිට ගැඹුරු පීඩන අවපාතයක් බවටත්, ඔක්තෝබර් මස 26 වන දින උදෑසන වනවිට බෙංගාල බොක්කේ බටහිර මධ්යම ප්රදේශය ආශ්රිතව සුළි කුණාටුවක් බවටත් පත්වීමට ඉතා ඉහළ සම්භාවිතාවක් පවතින බවයි.
මෙම පද්ධතියේ සෘජු බලපෑමක් ශ්රී ලංකාවට නොමැතිවුවද එම පද්ධතිය වෙත ඇදීයන සුළං ප්රවාහය දිවයින හරහා පවතින බැවින් දිවයිනේ නිරිතදිග ප්රදේශයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී අපේක්ෂා කරයි.
මේ හේතුවෙන් බස්නාහිර, සබරගමුව, උතුර සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි. දිවයිනේ සෙසු ප්රදේශවල පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ප්රදේශවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි. මධ්යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

ඔබේ ප්රතිචාරය කුමක්ද ?

