ගෑස් ගැන ලිට්රෝ සමාගමෙන් අලුත්ම දැනුම්දීමක්
ගෑස් ගැන ලිට්රෝ සමාගමෙන් අලුත්ම දැනුම්දීමක්
දිවයින පුරා ගෑස් බෙදාහැරීමේ කටයුතු වේගවත් කර ඇති බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම පවසයි. වෙළෙඳපොළට අඛණ්ඩව ගෑස් සැපයීමේ අරමුණින් අවශ්ය ගෑස් තොග දිවයිනට ගෙන්වීමේ කටයුතු ද සිදුකෙරෙමින් පවතී.
ඒ අනුව, ගෑස් මෙට්රික් ටොන් 3,900ක් රැගත් FRANCOIS නෞකාව පෙරේදා දිවයිනට පැමිණ ඇති අතර, එම ගෑස් තොගය ගොඩබෑමේ කටයුතු මේ වනවිට සිදුකෙරෙමින් පවතින බව සමාගම සඳහන් කරයි.
මේ අතර, ගෑස් මෙට්රික් ටොන් 3,900ක් රැගත් සිව්වැනි නෞකාව වන CORINTHIAN නෞකාව ඔක්තෝබර් 22 වැනිදා මෙරටට ළඟා වීමට නියමිත බව ද ලිට්රෝ සමාගම තහවුරු කර තිබේ.
මෙම ගෑස් තොග දිවයිනට ලැබීමත් සමඟ රට පුරා ගෑස් සැපයුම ස්ථාවර කර ගැනීමට හැකි වනු ඇතැයි සමාගම අපේක්ෂා කරයි.
ඒ අනුව, වෙළෙඳපොළට ගෑස් හිඟයකින් තොරව සුපුරුදු පරිදි අඛණ්ඩව බෙදාහැරීමට අවශ්ය පියවර ගෙන ඇති බව ද ලිට්රෝ ගෑස් ලංකා සමාගම පාරිභෝගිකයින්ට වැඩිදුරටත් දැනුම් දෙයි.
