2026 තෙවන පාසල් වාරය අවසන් වන දිනය සහ 2027 පාසල් ආරම්භ වන දිනය මෙන්න

Editorial Staff by Editorial Staff -
2,245 views 0 comments

2026 වර්ෂයට අදාළ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය එළඹෙන දෙසැම්බර් 4 වැනි සිකුරාදා දිනයෙන් අවසන් කිරීමට තීරණය කර තිබේ.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ 2027 වර්ෂයේ නව පාසල් වාරය ජනවාරි 4 වැනි සඳුදා ආරම්භ කිරීමට නියමිත බවයි.

අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතාගේ අත්සනින් යුතුව අද (27) නිකුත් කළ නිල නිවේදනයක් මගින් මේ බව දැනුම් දී තිබේ.

අදාළ නිවේදනය සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් මෙන්ම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල විදුහල්පතිවරුන් වෙත යොමු කර ඇත.

එමෙන්ම, තෙවන පාසල් වාරය අවසන් වන තෙක් සැලසුම් කර ඇති සියලුම අධ්‍යයන කටයුතු සහ විභාග නියමිත කාලසටහන්වලට අනුව බාධාවකින් තොරව පවත්වා අවසන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද අමාත්‍යාංශය අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව, දෙසැම්බර් 4 වැනිදායින් 2026 වර්ෂයේ තෙවන පාසල් වාරය අවසන් වන අතර, 2027 නව පාසල් වාරය ජනවාරි 4 වැනිදා ආරම්භ වනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?