PIN සහ TIN අංක ලබා ගැනීම සම්බන්ධයෙන් රජයෙන් විශේෂ දැනුම්දීමක්

Editorial Staff by Editorial Staff -
11,349 views 0 comments

ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය PIN සහ TIN අංක ලබා ගැනීම වෙනුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සියලුම ප්‍රාදේශීය කාර්යාල හෙට (28) සහ අනිද්දා (29) විවෘතව තැබීමට කටයුතු කර තිබේ.

2025/2026 තක්සේරු වර්ෂය සඳහා වන ආදායම් බදු වාර්තා නොවැම්බර් 30 වැනිදාට පෙර මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මීට පෙර දැනුම් දී තිබුණි.

නියමිත කාලසීමාව තුළ බදු වාර්තා ඉදිරිපත් කිරීමෙන් අවසන් මොහොතේ ඇතිවිය හැකි අපහසුතා මඟහරවා ගත හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු හෝ පැහැදිලි කිරීම් අවශ්‍ය නම් 1944 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ හෝ www.ird.gov.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?