ජනවාරි 1 සිට වැටුප් වැඩිවෙන්නේ මේ විදිහටයි – විවිධ ශ්‍රේණිවලට වැටුප් වැඩිවෙන ආකාරය එළියට

Editorial Staff by Editorial Staff -
1,420 views 0 comments

2027 අයවැයට විරෝධය පළකරමින් රුපියල් විසිපන්දහසක අතුරු දීමනාවක් ලබා දෙන ලෙසට ඉල්ලමින් අද දින විරෝධතාවක් සිදුවන අතරතුර 2027 ජනවාරි පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි ගුරු විදුහල්පති සහ ගුරු උපදේශක යන තනතුරුවල විවිධ ශ්‍රේණිවල වැටුප් වැඩිවන ආකාරය දැක්වෙන සංඛ්‍යා ලේඛණ මේ වන විට ප්‍රසිද්ධියට පත්ව ඇත.

ඒ අනුව 2024 දෙසැම්බර් 31 වනදා පැවති වැටුප් අගයන්ට සාපේක්ෂව 2027 ජනවාරි පළමුවනදා වන විට මෙම තනතුරු සඳහා වැටුප රුපියල් 21,570 සිට රුපියල් 45,395ක් දක්වා රුපියල් 23,825කින් ඉහළ ගොස් ඇති අතර එය සියයට 61.38 සිට සියයට 77.80දක්වා ප්‍රතිශතයකින් ඉහළ යාමක් වේ.

ගුරු ශ්‍රේණිවල වැටුප් රුපියල් 21,570 සිට රුපියල් 41,810ක් දක්වා රුපියල් 20,240කින් ඉහළ ගොස් ඇති අතර විදුහල්පති ශ්‍රේණිවල වැටුප් රුපියල් 30,105 සිට රුපියල් 45,395ක් දක්වා රුපියල් 15,290කින් ඉහළ ගොස් ඇත.

එසේම එම දත්ත පෙන්වා දෙන්නේ ගුරු උපදේශක ශ්‍රේණිවල වැටුප් රුපියල් 30,895 සිට රුපියල් 32,805ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. එපමණක් නොව ගුරු තනතුර තුන දෙක ශ්‍රේණිය සඳහා 2024/12/31 දින පැවති වැටුප රුපියල් 31,490ක් වූ අතර එය ලබන වසරේ ජනවාරි පළමුවනදා වන විට රුපියල් 53,060ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය රුපියල් 21,570ක වැඩි වීමක්.

එය ප්‍රතිශතයක් ලෙස සියයට 68.50ක වර්ධනයකි. වැටුප් වර්ධක දත්ත පෙන්වා දෙන්නේ තුන එක ශ්‍රේණිය සඳහා පැවති වැටුප 2024/12/31 වන විට රුපියල් 34160ක් වූ අතර එය ලබන වසර් ජනවාරි පළමුවනදා වන විට 57860ක් දක්වා ඉහළ යන බවයි. එම වැඩිවීම රුපියල් 23,700ක්. ප්‍රතිශතාත්මකව සියයට 69.38ක් වේ.

ගුරු තනතුර දෙක ශ්‍රේණිය සඳහා 2024 12/31 පැවති වැටුපට සාපේක්ෂව ලබන වසරේ ජනවාරි පළමුවනදා අදාළ තනතුරේ පුද්ගලයින්ට ලැබෙන වැටුප රුපියල් 27705කින් වැඩිවී ඇති අතර එය සියයට 70.72ක ප්‍රතිශතයක වැඩිවීමක් වේ.

එසේම ගුරු තනතු දෙක 1 ශ්‍රේණිය සඳහා ලබන වසරේ ජනවාරි පළමුවනදා වන විට වැටුප වැඩිවන්නේ රුපියල් 34,355කින් වන අතර එය සියයට 72.44ක ප්‍රතිශතාත්මක වර්ධනයකි.

එසේම ගුරු තනතුර 1 ශ්‍රේණිය සඳහා අදාළ කාලය තුළ වැටුප් වැඩිවිම රුපියල් 41,810කින් වන අතර එය ප්‍රතිශතාත්මකව සියයට 73.65කි. විදුහල්පති තනතුරේ තුන්වන ශ්‍රේණිය සඳහා 2024/12/31 වනදා පැවති වැටුප 42,175ක් වන අතර එය ලබන වසරේ ජනවාරි පළමුවනදා වන විට 72,280ක් දක්වා වර්ධනය වන අතර වැටුප් වර්ධනයෙහි වැඩිවීම රුපියල් 30,105ක් වේ.

එය ප්‍රතිශතාත්මකව 71.38ක වර්ධනයක් වන අතර විදුහල්පති තනතුරේ දෙවැනි ශ්‍රේණිය සදහා වැටුප වැඩි වන්නේ 37,685කින් වන අතර එය සියයට 77.41ක වැටුප් වර්ධකයකි. පළමු ශ්‍රේණිය සදහා රුපියල් 45,395කින් වැටුප වර්ධනය වන අතර වැඩිවීමේ ප්‍රතිශතය සියයට 77.80ක් වන අතර ගුරු උපදේශක තනතුරේ දෙවැනි ශ්‍රේණිය සඳහා රුපියල් 30895කින් වැටුප වැඩිවන අතර එය ප්‍රතිශතාත්මකව සියයට 74.65කි.

දත්ත වාර්තා පෙන්වා දෙන්නේ ගුරු උපදේශක තනතුරේ පළමු ශ්‍රේණිය සඳහා රුපියල් 32,850ක වැටුප් වර්ධකයක් හිමිවන අතර එය ප්‍රතිශතාත්මකව 61.38ක වැඩි වීමක් බවයි. ඉහළ වැටුප් වර්ධකයක් ලබා දී තිබියදීත් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් මෙවැනි විරෝධතා සංවිධාන කිරීම ජනතාව හෙළා දකින අතර සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය පෙන්වා දෙන්නේ කළු ඇදුමින් සැරසී පාසල් එන වෘත්තීය ක්‍රියාමාර්ග තුළ එම සංගමය නිරත නොවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?