අවුරුදු 18ට අඩු ළමුන්ට ලයිෂන් නැතුව වාහන පදින්න දුන්නොත් දෙමාව්පියොත් රක්ෂිත බන්ධනාගාරගත කරනවා

Editorial Staff by Editorial Staff -
18 views 0 comments

මාර්ගවල යතුරුපැදි සහ ත්‍රිරෝද රථ යොදා ගනිමින් අනතුරුදායක ලෙස සංදර්ශන පවත්වන තරුණයන් සොයා ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව රථවාහන භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම, රියදුරු බලපත්‍රයක් නොමැති පුද්ගලයෙකුට වාහනයක් පැදවීම සඳහා ලබා දුනහොත්, අදාළ වාහනයේ හිමිකරු ද රක්ෂිත බන්ධනාගාරගත කිරීමට සිදුවන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?