කහ ගෑස් වලට දරුණු පහරක්
කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන ‘ලාෆ්ස් ගෑස් පීඑල්සී’ (Laughs Gas PLC) වෙත, සිය නියාමන වගකීම් ඉටු නොකිරීම හේතුවෙන් දඩ මුදලක් නියම කර තිබේ.
සමාගමේ මූල්‍ය වාර්තාකරණයට අදාළව මතු වූ ගැටලුවක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇත. 2026 මාර්තු 31 වන දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා වන වාර්ෂික වාර්තාව, නියමිත පරිදි ඉදිරිපත් කිරීමට ‘ලාෆ්ස් ගෑස් පීඑල්සී’ අපොහොසත් වී ඇති බව කොළඹ කොටස් වෙළඳපොළ පෙන්වා දෙයි.
අදාළ වාර්තාව ඉදිරිපත් කිරීමට අපොහොසත් වීමට අමතරව, නියාමන රීතිවලට අනුකූලව කටයුතු නොකිරීමට හේතුවක් ලෙස පිළිගත හැකි කිසිදු කරුණක් සමාගම විසින් මෙතෙක් ඉදිරිපත් කර නොමැති බව ද කොළඹ කොටස් වෙළඳපොළ අවධාරණය කරයි.
මෙම තත්ත්වය යටතේ, කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කිරීමේ රීති අංක 7.5.3 (A) (b) හි සඳහන් විධිවිධානවලට අනුකූලව ‘ලාෆ්ස් ගෑස් පීඑල්සී’ වෙත දඩ මුදලක් පනවා ඇත. මෙම දඩ මුදල පැනවීම තහවුරු කරමින්, කොළඹ කොටස් වෙළඳපොළ ඊයේ (17) දින නිල නිවේදනයක් නිකුත් කළේය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

