හෙට පැය 13ට වැඩියෙන් වතුර නෑ – සූදානමින් ඉන්නැයි විශේෂ දැනුම්දීමක් – වතුර කපන ප්‍රදේශ ලිස්ට් එක මෙන්න

Editorial Staff by Editorial Staff -
4,070 views 0 comments

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් කැලණිය සහ ගම්පහ ප්‍රදේශ රැසකට හෙට (14) පැය 13යි විනාඩි 30ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවට දන්වා ඇති බව වාර්තා වේ.

ඒ බියගම ජල පවිත්‍රාගාරයට විදුලිය සපයන පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් බව සඳහන්. ඒ අනුව හෙට පෙරවරු 8.30 සිට රාත්‍රී 10.00 දක්වා මෙසේ ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

එමෙන්ම මෙම ජල කප්පාදුවට පැළියගොඩ, වත්තල – මාබෝල, ජාඇල සහ කටුනායක – සීදූව නගර සභා බල ප්‍රදේශ ඇතුළත්.

මීට අමතරව කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ සහ ජාඇල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට මෙන්ම කටාන, මිනුවන්ගොඩ සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල කොටසකට ද ජල සැපයුම අත්හිටුවනු ඇති බව සඳහන්.

කෙසේ වෙතත් ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාව පිළිබඳව කනගාටුව පළ කරන ජලසම්පාදන මණ්ඩලය, කල්තියා ජලය රැස්කරගෙන අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?