අද මධ්‍යම රාත්‍රියේ සිට මේ අයගේ වාහන ආදායම් බලපත්‍ර ලබාදීම දින 5කට අත්හිටුවයි – විශේෂ නිවේදනයක්
බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් බස්නාහිර පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ අද (18) දින මධ්‍යම රාත්‍රියේ සිට නොවැම්බර් මස 23 මධ්‍යම රාත්‍රී දක්වා බලපත්‍ර නිකුත් කිරීම අත්හිටු වන බවයි.
මෙම කාලය තුළ ආදායම් බලපත්‍ර ලබා ගැනීමට නියමිතව තිබූ සියලු වාහන සඳහා දඩ මුදල් අය කිරීමකින් තොරව නොවැම්බර් මස 25 වැනි දින සිට 27 වැනි දින දක්වා ආදායම් බලපත්‍ර ලබාගැනීමට පහසුකම් සලසා ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එසේම www.motortraffic.wp.gov.lk වෙබ් අඩවිය මඟින් මාර්ග ගත ක්‍රමය යටතේ වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ අද සිට ලබන 23 වන දින මධ්‍යම රාත්‍රිය දක්වා තාවකාලිකව අත්හිටුවා ඇති බව ද සඳහන්.
මෙම සේවාව අදාළ කාලය තුළ මෙලෙස අත්හිටුවා ඇත්තේ බස්නාහිර පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඉලෙක්ට්‍රෝණික පද්ධතියේ තාක්ෂණික යාවත්කාලීන කිරීමක් හේතුවෙන්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

