විශ්‍රාමික රාජ්‍ය සේවකයන්ට රජයෙන් සුබ ආරංචියක්!
විශ්‍රාමික රාජ්‍ය සේවකයන් මුහුණ දෙන වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා රජය පියවර ගෙන ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පවසයි.
ඒ අනුව, 2025 වසරට පෙර විශ්‍රාම ගිය සියලුම රාජ්‍ය සේවකයන්ට අදාළ විශ්‍රාම වැටුප් හිමිකම් ලබාදීමට කටයුතු කරන බවත්, එම වැටුප් පරතරය සම්පූර්ණයෙන් පියවන තෙක් 2027 ජූලි 01 වැනිදා සිට මාසිකව රුපියල් 2,500ක අතුරු දීමනාවක් ලබාදීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී.
අලවතුවල මහතා පාර්ලිමේන්තුවේදී වාචිකව යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
තවද, 2028 අයවැය මඟින් මෙම වැඩපිළිවෙළ ආරම්භ කර විශ්‍රාමික ප්‍රජාවගේ වැටුප් විෂමතා පියවීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවසීය.
ඒ සඳහා වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභා පත් කර ඇති බව සඳහන් කළ ඔහු, එම කොමිෂන් සභාවල වාර්තා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තවදුරටත් ගැටලු පවතින්නේ නම් ඒවා විසඳීමට අවශ්‍ය පියවර ගන්නා බව ද වැඩිදුරටත් කියා සිටියේය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

