ලංකාවම හොල්ලපු කාවන්තිස්ස හස්තියාගේ මරණයේ හේතුව එළියට – පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් හෙළිවුණු කරුණු මෙන්න

Editorial Staff by Editorial Staff -
124 views 0 comments

අද (18) ගල්ගමුව මහේස්ත්‍රාත් රවින්ද්‍ර රංජන් බණ්ඩාර විවෘත අධිකරණයේ දී ප්‍රකාශ කර ඇත්තේ කාවන්තිස්ස හස්තියා මිය යෑමට හේතුව ලෙස මහාන්ත්‍රයේ ගැට ගැසිම් සහ ඒ ආශ්‍රිතව සිදු වූ සෙප්ටික් කම්පනය හා බහු අවයව සංකූලතා හේතු වු බවට අතුරු පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මගින් තහවුරු කොට ඇති බවයි.

ශරීරයට ඇතුළු වන විෂබීජ ආසාදනයක් උත්සන්න වීම නිසා රුධිර පීඩනය අතිශයින් පහත වැටී, ශරීරයේ අභ්‍යන්තර අවයව අක්‍රිය වීමට පටන් ගන්නා අවස්ථාව සෙප්ටික් කම්පනය ලෙස හැඳින්වෙයි.

කාවන්තිස්ස හස්තියා මිය යෑමේ සිද්ධියට අදාළ නඩුව ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද යළි කැදවනු ලැබුවේ මේ කරුණු හෙළි විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?