අස්වැසුමට සුදුසුකම්ලාභීන්ගේ දෙවන නාම ලේඛනය – අස්වැසුම ගැන මඟ බලපු අයට මෙන්න දිනය
සුබසාධක ප්රතිලාභ මණ්ඩලය සැලසුම් කර ඇත්තේ අස්වැසුම සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමයේ තොරතුරු යාවත්කාලීන කිරීමෙන් අනතුරුව සුදුසුකම්ලාභීන්ගේ දෙවන නාම ලේඛනය එළඹෙන දෙසැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කිරීමටයි.
ඒ අනුව, පළමු අදියරේ තොරතුරු යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලියෙන් අනතුරුව සුදුසුකම්ලාභීන්ගේ පළමු නාම ලේඛනය 2026 ඔක්තෝබර් 28 වැනිදා ප්‍රකාශයට පත් කර ඇත.
එම නාම ලේඛනය අනුව අන්ත දිළිඳු සහ දිළිඳු කාණ්ඩ යටතේ අස්වැසුම ප්රතිලාභ ලබා ගැනීමට සුදුසුකම් ලැබූ පවුල් සංඛ්‍යාව 991,800ක් වන අතර සුබසාධක ප්රතිලාභ පනතේ 11 වන වගන්තිය අනුව, තමන්ට හිමි වූ ප්රතිලාභ කාණ්ඩය පිළිබඳ සෑහීමකට පත් නොවන අයදුම්කරුවන්ට අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා තිබේ.
ඒ සඳහා 2026 ඔක්තෝබර් 29 වැනිදා සිට නොවැම්බර් 11 වැනිදා දක්වා කාලය ලබා දී ඇති අතර සුදුසුකම්ලාභීන් ලෙස නම් කර ඇති පවුල් අතර අස්වැසුම ප්රතිලාභ ලැබීමට නුසුදුසු පවුල් සිටින්නේ නම් ඒ සම්බන්ධයෙන් මහජන විරෝධතා ඉදිරිපත් කිරීමට ද අවස්ථාව පවතියි.
වැඩිදුරටත් වාර්තා වෙන්නේ සියලු අභියාචනා සහ විරෝධතා ප්‍රාදේශීය ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් පස් පුද්ගල අභියාචනා කමිටුවක් මඟින් විභාග කරනු ලබන අතර, එහි අවසන් තීරණය සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩලයේ අනුමැතිය සඳහා යොමු කෙරෙන බවයි.
අභියාචනා සහ විරෝධතා විභාග කිරීම සඳහා දින 30ක කාලයක් ලබා දී ඇති අතර 2025 දෙසැම්බර් 15 දිනැති අංක 2467/03 දරන රජයේ ගැසට් නිවේදනය අනුව, 2026 ජනවාරි සිට 2027 ජුනි දක්වා කාලය තුළ අන්ත දිළිඳු පවුලකට මාසිකව රුපියල් 17,500ක් ද, දිළිඳු පවුලකට මාසිකව රුපියල් 10,000ක් ද ලබා දීමට නියමිතයි. පවුලේ සාමාජිකයන් දෙදෙනකු හෝ ඊට අඩු නම් අදාළ දීමනාවෙන් අඩක් ගෙවනු ලබන අතර අස්වැසුම යෝජනා ක්රමයේ පළමු අදියර යටතේ තොරතුරු යාවත්කාලීන කිරීමෙන් පසු අලුතින් සුදුසුකම් ලැබූ පවුල් සංඛ්‍යාව 153,777ක් වේ.
එසේම, මීට පෙර ප්රතිලාභ ලබාගත් නමුත් නව තොරතුරු අනුව අන්ත දිළිඳු සහ දිළිඳු කාණ්ඩ සඳහා සුදුසුකම් නොලැබූ පවුල් සංඛ්‍යාව 609,093ක් බවයි සඳහන් වන්නේ වේ. සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පෙන්වා දෙන්නේ ප්‍රතිලාභීන් තෝරා ගැනීම ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද බහුමාන ලකුණු ලබාදීමේ ක්‍රමවේදය අනුව සිදුකරන බවයි.
පොදු මානයන් හයක් සහ නිර්ණායක 22ක් යටතේ අයදුම්කරුවන්ගේ සමාජ හා ආර්ථික තොරතුරු ඇගයීමට ලක් කර ඇත. මේ අතර, අස්වැසුම දෙවන අදියර යටතේ 2026 ඔක්තෝබර් මාසය වන විට අන්ත දිළිඳු පවුල් 75,710ක් සහ දිළිඳු පවුල් 138,926ක් ඇතුළුව පවුල් 214,636ක් ප්රතිලාභ ලබන බව ද සුබසාධක ප්රතිලාභ මණ්ඩලය සඳහන් වේ. ඒ අනුව, පළමු සහ දෙවන අදියර යටතේ ප්රතිලාභ ලබන මුළු පවුල් සංඛ්‍යාව 1,206,436ක් බව වාර්තා වේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

