ශ්රී ලංකාව ආසන්නයේ පැවති අඩු පීඩන කලාපය ගැන දැනුම්දීමක්
ශ්රී ලංකාව ආසන්නයේ පැවැති අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවත්ව බටහිර දෙසට ගමන් කරමින් පවතින නමුත්, එම පද්ධතියේ බලපෑම හෙට (23) දිනයේදීත් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්යම, උතුරු සහ වයඹ පළාත්වලත්, අනුරාධපුර සහ ගාල්ල දිස්ත්රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි අපේක්ෂා කෙරේ. දිවයිනේ සෙසු ප්රදේශවල පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, එහි ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?

