ජනපතිගෙන් විශේෂ තීරණයක්

Editorial Staff by Editorial Staff -
0 views 0 comments

ජනපතිගෙන් විශේෂ තීරණයක්

රාජ්‍ය ආයතන 34ක් වසාදැමීමට සහ ඇතැම් ආයතන ඒකාබද්ධ කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇති බවත්, ඒ සඳහා විශේෂ කමිටුවක් පත්කර ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

බත්තරමුල්ලේ පැවැති රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තු සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

මෙරට රාජ්‍ය සේවයේ වෘත්තීයවේදීන් රඳවාගැනීමට සමත් පරිසරයක් නොමැති වීම හේතුවෙන් බොහෝ පිරිස් සේවය අතහැර යන අතර, දේශපාලන පත්වීම් නිසා පහළ මට්ටම් පිරී පැවතියද වෘත්තීමය තලයේ පුරප්පාඩු රැසක් මතුව තිබෙන බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම රට තුළ ඇතිවන ආර්ථික කම්පනයට මුහුණදීමට ප්‍රමාණවත් තරම් රුපියල් පැවතුණද, බාහිර ආර්ථික කම්පනයකට මුහුණදීමට තරම් රට ශක්තිමත් නොමැති බවද ඔහු සඳහන් කළේය.

එවන් අසීරු පසුබිමක වුවද මූලික වැටුප ඉහළ නැංවීමට තීරණය කළ බවත්, 2027 වසරේදී වැටුප් වැඩි කිරීමට රුපියල් බිලියන 110ක් අවශ්‍ය වන බැවින් ඉදිරි අයවැය ලේඛනයේදී දීමනා කෙරෙහි වැඩි අවධානයක් යොමුකරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

එමෙන්ම 2028 වසරේදී මූලික වැටුප වැඩි නොවන අතර රාජ්‍ය සේවය තුළ රඳවාගැනීමට අත්‍යාවශ්‍ය දීමනා කෙරෙහි පමණක් විශාල වශයෙන් අවධානය යොමුකරන බවද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?