පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් – ව්‍යාජ නමකින් එන මේ නිෂ්පාදන මිලදී ගන්න එපා
ශ්‍රී ලංකාව තුළ අවසරයකින් තොරව KDK නිෂ්පාදන ආනයනය කිරීම, ප්‍රවර්ධනය කිරීම, බෙදාහැරීම සහ අලෙවි කිරීම සම්බන්ධයෙන් KDK සන්නාමය මහජනතාව දැනුවත් කර ඇත.
ඒ අනුව, පාරිභෝගිකයන්ට ව්‍යාජ හෝ අවසර නොලත් භාණ්ඩ ලැබීමේ අවදානම පවතින බැවින්, බලයලත් අලෙවි නියෝජිතයන්ගෙන් පමණක් නිෂ්පාදන මිලදී ගන්නා ලෙස ඉල්ලා සිටී.
අවසර නොලත් මාර්ග හරහා මිලදී ගන්නා භාණ්ඩ සඳහා වලංගු වගකීම් සහතික, බලයලත් අලෙවියෙන් පසු සේවා සහ ශ්‍රී ලංකාවේ අදාළ ප්‍රමිති හා ලේබල් කිරීමේ අවශ්‍යතාවලට අනුකූලතාව නොමැති විය හැකිය. ශ්‍රී ලංකාව තුළ KDK නිෂ්පාදන සඳහා බලයලත් බෙදාහරින්නා වන්නේ Elite Radio & Engineering Company (Pvt) Ltd. ආයතනයයි.
එම ආයතනය සහ එහි බලයලත් අලෙවි ජාලය හරහා සැපයෙන නිෂ්පාදන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLSI) සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අදාළ සහතිකකරණ හා ලේබල් කිරීමේ අවශ්‍යතාවලට අනුකූල වේ.
තවද, අවසරයකින් තොරව සන්නාමය භාවිත කිරීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් පවතින අතර, 2025 වසරේ ආරම්භ කළ ඇතැම් නීතිමය ක්‍රියාමාර්ග අදාළ පාර්ශ්වයන් අවසර නොලත් කටයුතු නතර කිරීමට එකඟ වීම මත අවසන් කර ඇත.
යම් නිෂ්පාදනයක හෝ අලෙවිකරුවකුගේ බලයලත්භාවය පිළිබඳ සැකයක් ඇත්නම්, මිලදී ගැනීමට පෙර Elite Radio & Engineering සමාගමෙන් ඒ බව තහවුරු කරගැනීම වඩාත් සුදුසුය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

