වාහන අංක තහඩු සහ රියදුරු බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳව මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

Editorial Staff by Editorial Staff -
317 views 0 comments

වාහන අංක තහඩු සහ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී පවතින ප්‍රමාදයන් 2027 වසරේ අගෝස්තු මාසය වන විට සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට අපේක්ෂා කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් පැවති යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීමකදී දෙපාර්තමේන්තු නිලධාරීන් මේ බව සඳහන් කර ඇත.

එහිදී පසුගිය කාරක සභා රැස්වීමේදී සාකච්ඡා කළ කාලසීමාවට සාපේක්ෂව මෙවර ලබාදී ඇති කාලසීමාව තවදුරටත් දීර්ඝ වී ඇති බව මන්ත්‍රී එස්.

එම්. මරික්කාර් මහතා පෙන්වා දෙමින් ඒ පිළිබඳව ප්‍රශ්න කර තිබේ.

කෙසේ වෙතත්, අදාළ ප්‍රමාදයන් අවසන් කිරීම සඳහා මීට පෙරද 2027 ජූලි හෝ අගෝස්තු මාසය අපේක්ෂිත කාලසීමාව ලෙස දැනුම් දී තිබූ බව දෙපාර්තමේන්තු නිලධාරීන් එහිදී පැහැදිලි කර ඇත.

ඒ අනුව දැනට නිකුත් කිරීමට ඉතිරිව ඇති සියලුම වාහන අංක තහඩු සහ රියදුරු බලපත්‍ර 2027 අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කිරීමට අපේක්ෂා කරන බව නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?