නිවාඩු එනකල් ඇඟිලි ගැන ගැන හිටපු පාසල් දරුවන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ආපු ආරංචිය..

Editorial Staff by Editorial Staff -
2,861 views 0 comments

2026 වසරේ තුන්වන පාසල් වාරය දෙසැම්බර් මස 04 වැනිදා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව, 2027 වසරේ නව පාසල් වාරය ජනවාරි මස 04 වැනිදා ආරම්භ වීමට නියමිත බවයි සඳහන් වන්නේ…

මේ අතර, වත්මන් පාසල් වාරය සඳහා සැලසුම් කර ඇති අධ්‍යයන හා විභාග කටයුතු කිසිදු බාධාවකින් තොරව අවසන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පළාත් සහ කලාප අධ්‍යාපන බලධාරීන්ට මෙන්ම විදුහල්පතිවරුන්ට ද දැනුම් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?