යාපනයේ මාතර ඇඹුල ව්‍යාපාරය කඩා බිද දැමීම ජාතිවාදි සිදු වීමක් නොවෙයි – එම ව්‍යාපාරයේ අධිපති ඉසුරු රණසිංහ කියයි

Editorial Staff by Editorial Staff -
199 views 0 comments

යාපනයේ පවත්වාගෙන ගිය ‘මාතර ඇඹුල’ ව්‍යාපාරය කඩා ඉවත් කිරීමේ සිදුවීම කිසිදු ආකාරයක ජාතිවාදී සිදුවීමක් නොවන බව එම ව්‍යාපාරයේ අධිපති ඉසුරු ඉඳුවර රණසිංහ අවධාරණය කර සිටී.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනකින් අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ, මෙය ජාතීන් අතර බිඳවැටීමක් ලෙස හුවා දැක්වීමෙන් වළකින ලෙසත්, ජාතීන් අතර සබඳතාව බිඳීමක් ලෙස නොසලකන ලෙසත්ය.

සිංහල ජනතාව මෙන්ම දෙමළ ජනතාව ද බෙහෙවින් ආදරය කළ ස්ථානයක් ලෙස ‘මාතර ඇඹුල’ ව්‍යාපාරය හැඳින්විය හැකි බව පෙන්වා දෙන ඔහු, එය යාපනයේ පැවති සිංහල ව්‍යාපාරයක් වුවද දෙමළ, සිංහල සහ මුස්ලිම් යන සියලු දෙනාම ආදරය කළ දකුණේ නාමයක් බව සඳහන් කරයි.

එමෙන්ම, සියලු දෙනාගේ ආශීර්වාදයෙන් නැවතත් පෙරටත් වඩා හොඳින් ව්‍යාපාරය දියුණු කර ගැනීමට හැකි වනු ඇති බවට ද ඔහු විශ්වාසය පළ කර ඇත.

image 12 Iri News

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?