පාන් ගෙඩියක සහ පාන් භාගයක නියමිත බර සඳහන් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.Sri Lanka Latest News
ඊට අනුව පාන් ගෙඩියක නියමිත බර ග්රෑම් 450ක් විය යුතු අතර එහි වෙනස්වීම ග්රෑම් 13.5ක් විය හැකිය.
පාන් භාගයක නියමිත බර ග්රෑම් 225ක් වියයුතු අතර එහි වෙනස් වීම ග්රෑම් 09කට නොවැඩි විය යුතුය.
විකිණීමට තබා ඇති පාන් ප්රදර්ශනය කිරීමේදී එහි බර පැහැදිලිව පෙනෙන සේ සඳහන් විය යුතු බවද පාරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙයි.