පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ තීරණයක්..

කියන්න යන්නේ පවතින කාලගුණය හමුවේ ඇසෙන තවත් විශේෂ කතාවක් ගැනයි..

කාලගුණය නිසා බොහෝමයක් පාසල් අද දිනයේ වසා දමන්නට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කළා..

තවමත් වෙනස් නොවුණු කාලගුණය නිසා ඉදිරියේදීත් පාසල් පැවැත්වීම ගැන ඇතිවන්නේ ගැටලුකාරී තත්වයක්.. මේ ඒ ගැන ඇසෙන අලුත්ම කතාවයි.. කොළඹ අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් හෙට (15) වසා තැබෙන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක පවසනවා…

මේ අතර දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය මත ගංවතුර සහ වෙනත් ආපදාවලට ලක්ව ඇති පාසල්වලට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබුණා..

පාසල්වලට නිවාඩු ලබාදීමේ දී පළාත් ප්‍රධාන ලේකම්, පළාත් අධ්‍යාපන ලේකම් හෝ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂරුන්ට ඒ අනුව බලය පැවරෙනවා.. ඒ අනුව, සුදුසු පරිදි අවශ්‍ය පියවර ගන්නා ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඔවුන්ට උපදෙස් දී ඇත්තේ..

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ, වර්තමානයේ පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු සමග සාකච්ඡා කර පාසල් පැවැත්වීම ගැන තීරණය කළ හැකි බවයි..

Related Posts

විදුලි ගාස්තු සංශෝධනය ගැන තීරණය මෙන්න

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (17)…

Read more

සුළි කුණාටුව තීව්‍ර වෙයි… වෙන්න යන්නේ මෙන්න මේකයි…

බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති ගැඹුරු පීඩන අවපාතය අද…

Read more

ආරුගම්බේ ආරක්ෂාව ගැන පොලිසියෙන් විශේෂ ප්‍රකාශයක්..

උදෑසනම අහන්න ලැබුණ උණුසුම් පුවතක් එක්ක සමාජයේ මේ…

Read more
Arugam Bay Attack

ආරුගම්බේට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක්.. අමෙරිකානුවන්ට එහි නොයන්නැයි තානාපති කාර්යාලය ඉල්ලයි..

කියන්න යන්නේ තවත් විශේෂ කාරණයක් ගැන ඇසෙන කතාවක්…..

Read more

ඉහළ අහසේදී යකා නැටූ ශ්‍රී ලංකන් ගුවන් යානය තුළ ඇත්තටම සිදුවුණේ කුමක්ද..?

ශ්‍රී ලන්කන් ගුවන් සේවයත් දැන් පාරේ යන බස්…

Read more
ashen senarathne

“අපිට ඉල්ලන්න බෑ ලූ..” අශේන්ගේ දියවන්නා සිහිනය බොඳවෙයි…

සමාජ මාධ්‍ය ඇතුලේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණ චරිතයක්…..

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *