ආරුගම්බේ ආරක්ෂාව ගැන පොලිසියෙන් විශේෂ ප්‍රකාශයක්..

උදෑසනම අහන්න ලැබුණ උණුසුම් පුවතක් එක්ක සමාජයේ මේ වෙනකොට විවිධ කතාබහ නිර්මාණය වෙමින් තිබෙනවා..

ආරුගම්බේ ප්‍රදේශ ගැන ඇසෙන අලුත්ම කතාව ගැනයි මේ කියන්නේ..

ආරුගම්බේ ප්‍රදේශයේ ඊශ්‍රායල ජාතිකයින් විසින් ඉදි කර ඇති ගොඩනැගිලි ඇති බවත්, ඒ හේතුවෙන් ඊශ්‍රායල ජාතිකයින් එම ප්‍රදේශයේ ගැවසෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව පවසනවා.

ඊශ්‍රායල ජාතිකයින් මෙම ප්‍රදේශයේ ගැවෙසෙන නිසාවෙන්, මොවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තොරතුරක් ලැබී තිබු අතර, එහෙයින් නැගෙනහිර දිසාව භාර පොලිස්පති විසින් එහි ආරක්ෂාව තර කර ඇති බව යි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

පසුගිය දින කිහිපයේම විටින් විට මාර්ග පරික්ෂා කිරිම් වැනි දෑ පොලිසිය විසින් සිදු කර ඇති බව ත් සඳහන් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා.

අද වන විටත් ශ්‍රී ලංකා පොලිසිය, පොලිස් විශේෂ බලකාය, නාවික හමුදාව මෙන්ම බුද්ධි අංශය එම ප්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් සියළු කටයුතු සුදානම් කර ඇති බවත් දන්වා සිටියා.

මේ සම්බන්ධයෙන් යම් තොරතුරු ක් හෝ ලැබුණු වහාම අදාළ ඉදිරි කටයුතු සිදු කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී සඳහන් කළා.

එසේම, එක් සංචාරකයෙකු සම්බන්ධයෙන් වුවද, අප වඩාත් සැලකිලිමත් විය යුතු අතර, අප ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉතාම සැලකිල්ලෙන් කටයුතු කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව වැඩිදුරටත් සඳහන් කළා.

Related Posts

සුළි කුණාටුව තීව්‍ර වෙයි… වෙන්න යන්නේ මෙන්න මේකයි…

බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති ගැඹුරු පීඩන අවපාතය අද…

Read more
Arugam Bay Attack

ආරුගම්බේට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක්.. අමෙරිකානුවන්ට එහි නොයන්නැයි තානාපති කාර්යාලය ඉල්ලයි..

කියන්න යන්නේ තවත් විශේෂ කාරණයක් ගැන ඇසෙන කතාවක්…..

Read more

ඉහළ අහසේදී යකා නැටූ ශ්‍රී ලංකන් ගුවන් යානය තුළ ඇත්තටම සිදුවුණේ කුමක්ද..?

ශ්‍රී ලන්කන් ගුවන් සේවයත් දැන් පාරේ යන බස්…

Read more

පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ තීරණයක්..

කියන්න යන්නේ පවතින කාලගුණය හමුවේ ඇසෙන තවත් විශේෂ…

Read more
ashen senarathne

“අපිට ඉල්ලන්න බෑ ලූ..” අශේන්ගේ දියවන්නා සිහිනය බොඳවෙයි…

සමාජ මාධ්‍ය ඇතුලේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණ චරිතයක්…..

Read more

මාලිමා ජාතික ලයිස්තුවෙන් වාර්තාවක්.. ආබාධිත පුද්ගලයෙකු ලයිස්තුවට..

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික ජන බලවේගය විසින්…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *