කියන්න යන්නේ බොහෝ දෙනෙක් මෙතක් කල් දැනගන්න බලා සිටි පුවතක්..
කවුරුත් හෙව්වේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා කවුද කියන එක..
මෙන්න ඒ ගැන අද උදෑසනින්ම ඇසෙන කතාව..
මේ වන විට බත්තරමුල්ල නෙළුම් මාවතේ පිටියි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන උත්සවය පැවැත්වෙනවා..
ඒ අනුව මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ නම් කළා..
මේ බව නිල වශයෙන් ප්‍රකාශයට පත්කළේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් විසින්..
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පොදුජන පෙරමුණේ ජ්‍යේෂ්ඨයින් පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා..
නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වැඩිමල් පුත්‍රායයි..
ඔහු 2010 පාර්ලිමේන්තු මැතිවරණයට හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයෙකු ලෙස තරග කර මුල්වරට පාර්ලිමේන්තුවට තේරී පත් වී තිබුණා..
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ධුර කාලයේදී 2020 සිට 2022 දක්වා යෞවන හා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ කටයුතු කළා…