ඔබගේ ජංගම දුරකතනයට App එකක් එහෙමත් නැත්තම් යෙදවුමක් Install කර ගැනීමට පෙර ප්‍රවේශම් විය යුතු කාරණා කිහිපයක් ගැන ඔබ දැනුවත්ද?
යම්කිසි App එකක් හරහා ඔබගේ ජංගම දුරකතනයේ වටිනා දත්ත සමහර වෙලාවට වෙනත් පිටස්තර පුද්ගලයෙකු අතට පත් වෙන්න පුළුවන්.
එතකොට App එකක් Download කර ගැනීමේදී ප්‍රධාන වශයෙන් එය කළ යුත්තේ ඔබගේ ජංගම දුරකතනය නිපදවන සමාගමක් විසින් ඔබට අනුමත කළ store එකක් හරහා විතරයි මේ මෘදුකාංග Download කර ගැනීමක් කළ යුතු වන්නේ.
Android වර්ගයේ ජංගම දුරකතනයක් නම් එය Play Store හරහා Download කර ගැනීමට පුළුවන්.
IOS මාදිලියේ නම් ඒක App Store හරහා Download කර ගැනීමට පුළුවන්.
ඊට අමතරව යම් පුද්ගලයෙකු හරහා ඔබට ලැබෙන Link එකක් හරහා App එකක් Download කර ගැනීමෙන් වැළකිය යුතු වෙනවා.
එය හානි කර විය හැකියි ඔබේ ජංගම දුරකතනයේ දත්ත වල ආරක්ෂාවට.
ඒත් එක්කම මෘදුකාංගයක් Download කර ගැනීමට පෙර ඔබ සැලකිලිමත් විය යුතු කාරණා පවතිනවා.
ඔබ ජංගම දුරකතනයට එම App එක Install කර ගැනීමට පෙර එය විසින් ලබා ගන්නා ප්රවේශයන් එහෙම නැත්තම් Permission මොනවද කියන එක ගැන හරි අවබෝධයක් ලබා ගත යුතුයි.
හේතුව එවැනි App එක හරහා සමහර වෙලාවට ඒ App එකට අදාළ නොවන වෙනත් උපාංග වලට App එක හරහා ප්රවේශයන් ලබා ගැනීමේ හැකියාවක් පවතින නිසා.
ඒත් එක්කම ඔබ Install කරන App එක ව්‍යාජ මෘදුකාංගයක් ද මෙය සැබෑවටම ඒ අදාළ කාර්යයට නිපදවූ මෘදුකාංගයක් ද කියන එක ගැන අවබෝධයක් ගන්න පුළුවන් එක විදියක් තමයි එම App එක Download කර ගත් පිරිස් විසින් ලබා දී ඇති Reviews නිරීක්ෂණය කිරීම.
ඊට අමතරව ඒ App එකට ලබා දීලා තියෙන Rating වලින් ඔබට අවබෝධයක් ගන්න පුළුවන් මේ App එකේ කාර්යභාරය ඒ ප්‍රකාශ කරන අන්දමට සිදු වෙනවද නැද්ද කියන එක ගැන.
ඉතින් මේ කුමන හේතුවක් නිසා හෝ App එක Install කළාට පස්සේ ඔබට යම් හැගීමක් ඇති වුණොත් මේ App එක හරහා හානි කර දෙයක් වෙනවා කියලා මේ App එක ඉවත් කිරීමක් කරන්න පුළුවන්.
එහිදී ඔබ Uninstall කරන්න ඕනේ ඊට අමතරව Malware එකක් නම් එය Uninstall කිරීමක් පමණක් කිරීමෙන් සෑහීමකට පත් වෙන්න බැහැ ඔබට අනිවාර්යයෙන්ම App එක Factory Reset කිරීම හරහා ඉවත් කිරීමක් කළ යුතු වන්නේ.