සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරන කුඩා ළමයෙකුට පහරදෙන වීඩියෝවට අදාළ පුද්ගලායා අත්අඩංගුවට ගැනීමට මේවන විට විමර්ශන කණඩායම් දෙකක් යොදා ඇති බව වැලිඔය පොලිසිය පවසනවා.
කුකුල් චමින්ද නමින් හැදින්වෙන මොහු සහ මොහුගේ බිරිඳ දැඩි ලෙස නීති විරෝධී මත්පැන් භාවිතයට හුරුවී ඇති බවයි හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් වැලිඔය පොලිසිය සඳහන් කළේ.
මෙම දරුවාට පහර දෙනු ලබන්නේ මෙම දරුවාගේ මවගේ අනියම් සැමියා බවයි පොලිසිය පැවසුවේ.
මේ වන විටත් මෙම සිද්ධියට අදාළ කන්තාවන් දෙදෙනා සහ කුකුල් චමින්ද හෙවත් ප්‍රධාන සැකකකරුත් කුඩා දරුවාද රැගෙන ප්‍රදේශයෙන් පළා ගොස් තිබෙනවා.
කුකුල් චමින්ද තම බිරිඳ සිටියදීම තම බිරිදගේ අවසරය මත තම අනියම් බිරිඳවත් නිවසට ගේනවා ගෙන අඹු සැමි ඇසුරක යෙදෙන බවත් ප්‍රදේශවාසින් පවසන බවට වැලිඔය පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.
මේ අතර මෙම සිදුවීම වීඩියෝගත කර ඇත්තේ එම පුද්ගලයාගේම තවත් දරුවෙකු බවටත් පොලිසිය සැකකරනවා.