අඟහරු වෙත යන්න සැරසෙන පියුමි…

අඟහරු තරණය කිරීම සඳහා පුහුණ කිරීමේ මධ්‍යස්ථානයක මෙහෙයුමකට සහභාගී වීම සඳහා NASA ආයතනය විසින් තෝරාගත් සිව් දෙනකුගෙන් යුතු කාර්ය මණ්ඩලයට ශ්‍රී ලාංකික තරුණියක වන පියුමි විජේසේකර ද ඇතුලත්ව සිටියි.

පියුමිට අමතවරව Jason Lee, Stephanie Navarro, Sharef Al Romaithi යන පිරිස ඇතුළත් ය. ඔවුන් මැයි 10 සිකුරාදා හූස්ටන්හි ඉදිකර ඇති අඟහරු තරණය කිරීමේ අනුකරණ මධ්‍යස්ථානය වන HERA වෙත පිවිසෙනු ඇත. එතැන් සිට එම කණ්ඩායම දින 45ක කාලයක් අඟහරු තරණයට යන ගගනගාමීන් වෙනුවෙන් සාදා ඇති අනුකරණ පරිසරයක් තුළ ජීවත්වීමට නියමිතය. එහි දී ගගනගාමීන් ලෙස කටයුතු කිරීමෙන් ඔවුන්ට අඟහරු තරණය කිරීමේ පුහුණුවක් සහ ඊට අනුගතවීමේ අවස්ථාව ලැබෙන අතර එම කාලය ජුනි 24 වැනි දින ආපසු පැමිණීමෙන් අවසන් වේ.

Jose Baca සහ Brandon Kent මෙම මෙහෙයුමේ විකල්ප කාර්ය මණ්ඩල සාමාජිකයින් වේ. නාසා ආයතනය සඳ, අඟහරු සහ ඉන් ඔබ්බට ගැඹුරු අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා ගගනගාමීන් යැවීමට පෙර කාර්ය මණ්ඩල සාමාජිකයින් හුදකලාව,  අභ්‍යාවකාශ තත්වයන්ට අනුගත වන ආකාරය අධ්‍යයනය කිරීම සඳහා මෙවැනි පර්යේෂණ සිදුකරයි.

පියුමි ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් අඟහරුවෙත වෙත යන ගමනේ දී එම මෙහෙයුමට අදාළ විද්‍යාත්මක පර්යේෂණ සහ මෙහෙයුම් කාර්යයන් සිදු කිරීමට පුහුණුව ලබනු ඇත. අඟහරුමත ඇති ගුරුත්වාකර්ෂණය ට අනුව යෝධ රතු ග්‍රහයා මත ඇවිදීම ඇතුළුව අඟහරු තරණය කිරීමේ දීර්ඝ ගමනේ දී මෙහෙයුම් පාලන මධ්‍යස්ථානය සමඟ සන්නිවේදනය කරගැනීම පිළිබඳව ද ‍පුහුණුව ලබනු ඇත. එහි දී අඟහරු මතුපිට සිට පෘථිවි මෙහෙයුම් මධ්‍යස්ථානය සමඟ සන්නිවේදනය කිරී‍මේ දී මිනිත්තු 05ක ප්‍රමාදයක් සිදුවන බැවින් ඒ සඳහා ද ඔවුන්ට පුහුණුවක් ලැබෙනු ඇත.

පියුමි ඇතුළු කණ්ඩායම 2024 වර්ෂයේ දී එවැනි අඟහරු මෙහෙයුමක අනුකරණ අවස්ථාවකට සහභාගී වන දෙවැනි කණ්ඩායමයි. මීට පෙර මාර්තු 18 දින සිට මෙහෙයුම සම්පූර්ණ කරන ලදී. එමෙන් ම 2024 වර්ෂය තුළ එවැනි තවත් කාර්ය මණ්ඩල මෙහෙයුම් දෙකක් සංවිධානය කර තිබේ. අවසන් මෙහෙයුම දෙසැම්බර් 20 වැනි දින පැවැත්වේ.

පියුමි විජේසේකර කැලිෆෝනියාවේ සිලිකන් නිම්නයේ NASA Ames පර්යේෂණ මධ්‍යස්ථානයේ විකිරණ ජෛව භෞතික විද්‍යාගාරයේ පශ්චාත් ආචාර්ය උපාධි පර්යේෂණ විද්‍යාඥවරියකි. මිනිස් ශ්වසන පද්ධතියට අයනීකරණ විකිරණ සහ චන්ද්‍ර දූවිලි ඇතුළු අභ්‍යවකාශ තරණයේ දී ඇතිවන ආතතීන්ගේ බලපෑම් විමර්ශනය කිරීම සඳහා පටක ආකෘති සංවර්ධනය කිරීම කෙරෙහි ඇගේ පර්යේෂණ යොමුව ඇත.

පියුමි සැන් ඩියාගෝ හි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් ජෛව ඉංජිනේරු විද්‍යාව පිළිබඳ සිය උපාධිය ද, පෙන් හි පිට්ස්බර්ග්හි කානගී මෙලන් විශ්වවිද්‍යාලයෙන් ජෛව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි ද ලබා ඇත. ඇයගේ ආචාර්ය උපාධි පර්යේෂණය ශ්වසන රෝග අධ්‍යයනය කිරීම සඳහා මානව පෙනහළු කායික විද්‍යාව අනුකරණය කරන ඉංජිනේරු පෙනහළු ආකෘති කෙරෙහි අවධාරණය කරමින් ප්‍රාථමික සෛල සහ ඉන්ද්‍රිය ඉංජිනේරු විද්‍යාව කෙරෙහි අවධානය යොමු කර ඇත.

මෙම වසරේ පෙර HERA මෙහෙයුම මෙන්ම, NASA හි මානව පර්යේෂණ වැඩසටහන ද මෙහෙයුම අතරතුර මානව සෞඛ්‍ය අධ්‍යයනයන් 18 ක් පවත්වයි. අත්හදා බැලීම් මගින් අඟහරු වෙත යන ගමනක දී ගගනගාමීන් මුහුණ දෙන පරිසරයට සමාන පරිසරයක කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ කායික, චර්යාත්මක සහ මනෝවිද්‍යාත්මක ප්‍රතිචාර ඇගයීමට ලක් කරනු ඇත. මෙම අධ්‍යයනවලින් හතක් MBRSC සහ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය (ESA) සමඟ සහයෝගිතා වේ.

අධ්‍යයනයෙන් උකහා ගන්නා ලද අත්දැකීම් සහ දැනුම අභ්‍යවකාශයේ දීර්ඝ මෙහෙයුම් වලදී බාධක ජය ගැනීමට ගගනගාමීන්ට උපකාර කිරීම සඳහා පර්යේෂකයන්ට තවදුරටත් උපාය මාර්ග සංවර්ධනය කිරීමට සහ පරීක්ෂා කිරීමට ඉඩ සලසයි.

Related Posts

සුළි කුණාටුව තීව්‍ර වෙයි… වෙන්න යන්නේ මෙන්න මේකයි…

බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති ගැඹුරු පීඩන අවපාතය අද…

Read more

ආරුගම්බේ ආරක්ෂාව ගැන පොලිසියෙන් විශේෂ ප්‍රකාශයක්..

උදෑසනම අහන්න ලැබුණ උණුසුම් පුවතක් එක්ක සමාජයේ මේ…

Read more
Arugam Bay Attack

ආරුගම්බේට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක්.. අමෙරිකානුවන්ට එහි නොයන්නැයි තානාපති කාර්යාලය ඉල්ලයි..

කියන්න යන්නේ තවත් විශේෂ කාරණයක් ගැන ඇසෙන කතාවක්…..

Read more

ඉහළ අහසේදී යකා නැටූ ශ්‍රී ලංකන් ගුවන් යානය තුළ ඇත්තටම සිදුවුණේ කුමක්ද..?

ශ්‍රී ලන්කන් ගුවන් සේවයත් දැන් පාරේ යන බස්…

Read more

පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ තීරණයක්..

කියන්න යන්නේ පවතින කාලගුණය හමුවේ ඇසෙන තවත් විශේෂ…

Read more
ashen senarathne

“අපිට ඉල්ලන්න බෑ ලූ..” අශේන්ගේ දියවන්නා සිහිනය බොඳවෙයි…

සමාජ මාධ්‍ය ඇතුලේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණ චරිතයක්…..

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *