මෙවර සාමාන්‍ය පෙළ ලියන සිසුන්ට විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

එළඹෙන 2023 (2024) සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම විභාග දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇතැයි වාර්තා වනවා.

මේ අනුව,විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ, ලබන මැයි මස 06 වැනිදා ආරම්භ කිරීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රවේශපත්‍ර සියලු පාසල්වලට ඊයේ (17) වන විට යවා අවසන් කළ බවයි.

පෞද්ගලික විභාග අයැදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍රද 20 වැනිදා වන විට තැපැල් කර අවසන් කරන බව හෙතෙම කියා සිටියා.

යම් අපේක්ෂකයකුට ප්‍රවේශපත්‍ර සම්බන්ධව ගැටලුවක් ඇත්නම් ඒවා නිරාකරණය කර ගැනීමට 22 වැනිදා සිට 29 වැනිදා දක්වා ඔන්ලයින් ක්‍රමවේදයක් හඳුන්වාදී තිබෙන අතර, විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් එම සේවාව ලබාගත හැකියි.

මෙම ගැටලු විසඳා ගැනීමේ කාල සීමාවෙන් පසුව අමතර තවත් කාලයක් අපේක්ෂකයන්ට ලබාදීමට අපහසු වනු ඇති බව ද විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර, ප්‍රශ්න පත්‍ර මුද්‍රණය සහ විභාගයට අදාළ මූලික කටයුතු මේ වනවිට අවසන් කර ඇති බව ද ජයසුන්දර මහතා වැඩිදුරටත් පැවසුවා.

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග 2023 (2024) 2024 මැයි 06 සිට 15 දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 452,979 දෙනෙකු පෙනී සිටීමට අපේක්ෂා කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

Related Posts

අලුත් වාහනයක් ගන්න මඟ බලාගෙන හිටපු ඔබට මෙන්න සුබ ආරංචියක්..

ගොඩක් මිනිස්සුන්ට ලොකු ලොකු හීන නැහැ.. හැමෝටම තියෙන්නේ…

Read more

සයිනොපෙක් මිල ගණන් වෙනස් වෙයි , ඔක්ටේන් 92 පෙට්‍රල් මිල තවත් පහළට..

මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ…

Read more

CEYPETCO ඉන්ධන මිල අඩු කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල…

Read more

ඔබත් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ගත්තාද? එන්නත ගැන ඇහෙන ඇඟ හිරිවැටෙන අලුත්ම අනාවරණය මෙන්න…

බ්‍රිතාන්‍ය ඖෂධ දැවැන්තයෙකු වන ඇස්ට්‍රාසෙනිකා (AstraZeneca) විසින් නිෂ්පාදිත…

Read more

ඉන්ධන මිල අද රාත්‍රියේ පහළට

මාසික ඉන්ධන මිල සූත්‍රය අනුව ඉන්ධන මිල සංශෝධනය…

Read more

අද හවස වෙන්න යන දේ කල් ඇතුව දැනගෙන සූදානම් වෙන්න..

මේ දිනවල තද බල රස්නයත් එක්කම වැසි වාර…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *