නිවාඩු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ තීරණයක් ගනී

අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන්ගේ සහ ගුරුවරුන්ගේ මාස හයක් දක්වා වන කෙටිකාලීන විදේශ නිවාඩු අනුමත කිරීම මෙන්ම අවලංගු කිරීමේ බලයද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට පැවරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

පළාත්වලින් ලැබෙන එම ඉල්ලීම් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අනුමත කිරීමේ දී වැඩි කාලයක් ගත වීම නිසා නිලධාරීන් අපහසුතාවට පත් වන බව නිරීක්ෂණය වීමෙන් පසුවය,මෙම පියවර ගෙන ඇත.

ඒ අනුව, ජාතික පාසල්, විද්‍යාපීඨ , ගුරු විද්‍යාල හා ගුරු වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථානවල සේවය කරන දීප ව්‍යාප්ත සේවා, ඒකාබද්ධ සේවා හා ඇතැම් දෙපාර්තමේන්තුගත තනතුරුවලට අයත් නිලධාරීන්ගේ කෙටිකාලීන විදේශ නිවාඩු අනුමත කිරීම, දීර්ඝ කිරීම, අවලංගු කිරීම හා සංශෝධනය කිරීම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට පවරනු ලබයි.

එමෙන්ම එම විදේශ නිවාඩු සම්බන්ධයෙන් විමසන ඕනෑම අවස්ථාවක දී ඒ පිළිබඳව නොපමාව තොරතුරු ලබාදිය හැකි වන සුදුසු ක්‍රමවේදයක් සකස් කර ගන්නා ලෙසත් අමාත්‍යාංශය සියලු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දන්වා තිබේ.

කෙසේ වුවද එම නිලධාරීන්ගේ මාස හයට වැඩි විදේශ නිවාඩු සම්බන්ධ ඉල්ලීම් අමාත්‍යාංශය වෙත යොමු කළ යුතු බව ද දන්වා ඇත.

Related Posts

අද හවස වෙන්න යන දේ කල් ඇතුව දැනගෙන සූදානම් වෙන්න..

මේ දිනවල තද බල රස්නයත් එක්කම වැසි වාර…

Read more

ජුනි 30ට පෙර ලියාපදිංචි වන්න – නැතිනම් නීතිමය පියවර

රජය විසින් රියදුරන්ට දරාගත හැකි මිලකට ලබාදීම සඳහා…

Read more

ශ්‍රී පාද උඩමළුවෙන් පහළට පැන්න තරුණයා හිතා ගන්න බැරි තැනකින් මතුවෙයි… රෝහලේ සිට කියන ඇඟ කිළිපොලා යන කතාව මෙන්න – VIDEO

මළුවෙන් පහළට පැන අතුරුදන් වූ තරුණයා හමුව තිබෙනවා….

Read more

ප්‍රදේශ රැසකට රාත්‍රී 10.30 දක්වා සංචරණ සීමා පනවයි – හදිසියේ ගත් විශේෂ තීරණය මෙන්න

අද (24) දින මෙරට නගර කිහිපයක විශේෂ ආරක්ෂක…

Read more

යළි සියලු පාසල් ආරම්භය සහ අ.පො.ස. (සා/පෙළ) විභාගය ගැන විශේෂ දැනුම්දීමක්…

අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් අධ්‍යනය කටයුතු හෙට සිට…

Read more

ගෑස් මිල අඩු කිරීම ගැන රටටම සතුටුදායක ආරංචියක්

ගෑස් ආනයනය කරන රටවල් ආශ්‍රිතව පවතින අර්බුද සමථයකට…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *