කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි හිරේට යවයි

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිරිහැර කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වෙළඳසල් හිමියෙක් කෙසෙල්වත්ත පොලීසිය විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.

එම විදේශිකයා කොත්තු රොටියක මිල විමසූ අවස්ථාවේදී වෙළඳ සල් හිමියා රුපියල් 1900ක් බව පවසන අවස්ථාවේදී මිලදී ගැනීම ප්‍රතික්ෂේප කිරීමත් සමග වෙළඳ සල් හිමියා මෙලෙස ඔහුට මේ ආකාරයට බැන තර්ජනය කර ඇති බව පොලිස් විමර්ශනවලදී තොරතුරු අනාවරණයවී ඇත.

මෙම සිද්ධියට අදාළ වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යවල ප්‍රබලව සංසරණය වෙමින් පවතී. පොලිසිය එම වීඩියෝ පදනම් කරගෙන විමර්ශන අරඹා සැකකරු මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු 51 හැවිරිදි කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Related Posts

ගම්පහ අධි අවදානම් – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

අධි අවදානම් ස්ථාන 65ක් නම් කිරීමට මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය…

Read more

මෙම එන්නත ලබා ගත් ඔබත් දැනුවත් වෙන්න.. ආන්දෝලනයක් ඇති කළ කොවිඩ් එන්නත ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න..

මේ වෙනකොට සමාජයේ ගොඩක් කතාබහට ලක්වුණු කාරණාවක්.. ඇත්තටම…

Read more

ගෑස් මිල පහළට

මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස්…

Read more

යළි පාසල් ඇරඹෙන දිනය ගැන දැනුම්දීමක්..

සිංහල අවුරුදු නිවාඩුවෙන් පස්සේ පාසල් නැවතත් ආරම්භ වුණේ…

Read more

ගෑස් මිල පහළට

දැනට රුපියල් 4,115ක් ලෙස පවතින කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ…

Read more

අලුත් වාහනයක් ගන්න මඟ බලාගෙන හිටපු ඔබට මෙන්න සුබ ආරංචියක්..

ගොඩක් මිනිස්සුන්ට ලොකු ලොකු හීන නැහැ.. හැමෝටම තියෙන්නේ…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *