නාමල් රාජපක්ෂ ගැන ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලෙන් නියෝගයක්
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධ සිද්ධියට අදාළව චෝදනා ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා නොවැම්බර් මස 19 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබේ.
කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද (28) මෙම නියෝගය නිකුත් කර ඇත.
ඒ අනුව, එදින නාමල් රාජපක්ෂ මහතා බන්ධනාගාරය මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්ය පියවර ගන්නා ලෙස නියම කර තිබේ.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?

