සුළු මොහොතකට පෙර දැනුම්දීමක්

Editorial Staff by Editorial Staff -
2,288 views 0 comments

අද(23) දිනය සඳහා කාලගුණ අනාවැකිය උදෑසන 5.30 ට නිකුත් කර ඇත.

එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාව ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට, එනම් බටහිර දෙසට ගමන් කරමින් පවතින බවයි.

කෙසේ වුවද, මෙම පද්ධතියේ බලපෑම අද දිනයේදීත් පවතිනු ඇති බව බලාපොරොත්තුවේ.

එසේම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුර සහ වයඹ පළාත්වලත්, අනුරාධපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බව සඳහන්.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?