ලිට්‍රෝ ගෑස් පාරිභෝගිකයන්ට සුබ ආරංචියක්

Editorial Staff by Editorial Staff -
745 views 0 comments
Advertisement

ලිට්‍රෝ ගෑස් සමාගම මඟින් ලිට්‍රෝ ගෑස් සිලින්ඩර ලක්ෂ 7ක් අද (27) දින රට පුරා බෙදා හැරීමට පියවර ගනිමින් ඇතැයි දන්වා ඇත.

ඒ අනුව ලිට්‍රෝ ගෑස්වලට වෙළෙඳපොළ තුළ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, ඉකුත් ඔක්තෝබර් 22 වැනිදා මෙරටට ළඟා වූ ගෑස් නෞකාව සහ ඊයේ (26) පැමිණි නෞකාවට අමතරව GOODWILL නෞකාව ද මෙට්‍රික් ටොන් 3,900ක ගෑස් තොගයක් රැගෙන පසුගිය ඔක්තෝබර් 24 වැනි දින මෙරටට ළඟා වූ බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සඳහන් කරයි.

එබැවින් මෙලෙස ගෑස් බෙදාහැරීම් කඩිනම් කිරීමට සමාගම පියවර ගෙන ඇත.

එසේම ඉදිරි දින කිහිපය තුළ පාරිභෝගිකයන් හට ගෘහස්ථ ගෑස් කිසිදු හිඟයකින් තොරව වෙළෙඳපොළෙන් ලබාගත හැකි බව එම සමාගම තහවුරු කර සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?