පවතින කාලගුණය මත දිවයිනේ සියලුම පෙර පාසල් සඳහා නිවාඩු ලබා දීම ගැන දැනුම්දීමක්

Editorial Staff by Editorial Staff -
210 views 0 comments
Advertisement

දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ පෙරපාසල් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් හෙට (27) දින දිවයින පුරා පිහිටි සියලුම පෙරපාසල් සහ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන වසා තැබීමට මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය පියවර ගෙන තිබේ.

ඒ අනුව, සියලුම මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල පාලිකාවන් සහ පරිපාලක මණ්ඩල වෙත මේ පිළිබඳව දැනටමත් දැනුම් දී ඇති බව එම ලේකම් කාර්යාලය සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?