අධිවේගී මාර්ග භාවිත කිරීමේදී නව නීති රීති මාලාවක්

අධිවේගී මාර්ග භාවිත කිරීමේදී නව නීති රීති මාලාවක් ඇතුළත් නව ගැසට්ටුවක් හඳුන්වා දීම කෙරෙහි රජයේ අවධානය යොමුව පවතිනවා.

අවම වේග සීමාව ඇතුළත් කරමින් නව ගැසට් නිවේදනය තවත් සති දෙකකින් ප්‍රකාශයට පත්කරන බවයි වාර්තා වෙන්නේ.

මේ බව සඳහන්කර සිටියේ ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඊයේ (30) කොළඹදී පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාව අතරතුරදීයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන්කර සිටියේ මෙවැනි අදහසක්.

“අධිවේගී මාර්ගයන්හි ගමන් ගන්නා පුද්ගලයන්ගේ පුද්ගල විශේෂතාවලින් තොරව ජීවිත ආරක්ෂාව සඳහාත් ශරීරාංග ආරක්ෂා කිරීමතට නව විධිවිධාංග ඇතුළත් ගැසට් පත්‍රයක් සති දෙකකින් නිකුත් කිරීමට කටයුතු කරනවා. මේ ගැන අදාළ පාර්ශ්ව සියල්ල සමග සාකච්ඡාවක් කළා. කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයේ අනතුරුවලට හේතුව අධික වේගයෙන් රිය ධාවනය. ඒ වගේම අවශ්‍ය වේගයට වඩා අඩු වේගයෙන් ගමන් කරන වාහන ඉස්සර කිරීමට යාමේදී සිදුවන අනතුරු, මෙන්ම බීමත්ව රිය පැදවීම වැනි කරුණු ඉදිරිපත් වුණා. ඒ අනුව පුද්ගල භේදයකින් තොරව සැමට පොදුවන දැඩිව ක්‍රියාත්මක කරන රීති නීති පද්ධතියක් ඉතා කෙටිකාලයක් තුළදි ප්‍රකාශයට පත්කරනවා.

Related Posts

සුළි කුණාටුව තීව්‍ර වෙයි… වෙන්න යන්නේ මෙන්න මේකයි…

බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති ගැඹුරු පීඩන අවපාතය අද…

Read more

ආරුගම්බේ ආරක්ෂාව ගැන පොලිසියෙන් විශේෂ ප්‍රකාශයක්..

උදෑසනම අහන්න ලැබුණ උණුසුම් පුවතක් එක්ක සමාජයේ මේ…

Read more
Arugam Bay Attack

ආරුගම්බේට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක්.. අමෙරිකානුවන්ට එහි නොයන්නැයි තානාපති කාර්යාලය ඉල්ලයි..

කියන්න යන්නේ තවත් විශේෂ කාරණයක් ගැන ඇසෙන කතාවක්…..

Read more

ඉහළ අහසේදී යකා නැටූ ශ්‍රී ලංකන් ගුවන් යානය තුළ ඇත්තටම සිදුවුණේ කුමක්ද..?

ශ්‍රී ලන්කන් ගුවන් සේවයත් දැන් පාරේ යන බස්…

Read more

පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ තීරණයක්..

කියන්න යන්නේ පවතින කාලගුණය හමුවේ ඇසෙන තවත් විශේෂ…

Read more
ashen senarathne

“අපිට ඉල්ලන්න බෑ ලූ..” අශේන්ගේ දියවන්නා සිහිනය බොඳවෙයි…

සමාජ මාධ්‍ය ඇතුලේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණ චරිතයක්…..

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *