ගෑස් පෝලිම් අහෝසියි – ඉදිරි දින 3 සිදුවන දේ ගැන ලිට්රෝ සමාගමෙන් හදිසි නිවේදනයක්
ඉදිරි දින තුන ඇතුළත ලිට්රෝ ගෑස් 350,000ක් වෙළෙඳපොළට බෙදා හැරීමට නියමිත බව ලිට්රෝ ගෑස් සමාගම සදහන් කර තිබේ .
මෙට්රික් ටොන් 3,900ක ගෑස් තොගයක් රැගත් CORINTHIAN නෞකාව ඊයේ (22) දින මෙරටට ළඟා වූ බව එම සමාගම නිවේදනය කර තිබේ
එම නෞකාවේ ගෑස් ගොඩබෑමේ කටයුතු ඊයේ පස්වරුවේම ආරම්භ කර ඇති බැවින් ගෑස් සිලින්ඩර 350,000ක ප්රමාණය වෙළඳපොළට නිකුත් කිරීමට හැකියාව ඇති බවද එම සමාගම සඳහන් කර ඇත
ලිට්රෝ ගෑස් සමාගම සඳහන් කර ඇත්තේ මෙම ගෑස් තොගය ලැබීමත් සමග දිවයින පුරා ගෑස් බෙදාහැරීම අඛණ්ඩව සිදුකරන බැවින් සුපුරුදු පරිදි ගෑස් සිලින්ඩර ලබා ගැනීමේ පහසුකම පාරිභෝගිකයින්ට පවතින බවයි
තවද අනවශ්ය ලෙස ගෑස් තොග රැස් කර ගැනීමෙන් වළකින ලෙසත් සමාගම පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක්ද සිදුකර ඇත.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
