පොලිසියෙන් පැන බස් ජැක්සන්ලා 42ක් අල්ලයි..

පොදු ප්‍රවාහනයේදී ළමුන්ට සහ කාන්තාවන්ට සිදුවන හිරි හැර මැඩලීම සදහා විශේෂ මෙහෙයුමක් මේවන විට ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ඊට අදාළව ඊයේ (07) බස්රථ වල සිදුකර මෙහෙයුම් වලින් පුද්ගලයන් 42 අත්තඩංගුවට ගෙන තිබේ.

කාන්තාවන්ට සහ ළමුන්ට සිදුවන ලිංගික හිරිහැර සම්බන්ධයෙන් දෛනිකව ලැබෙන පැමිණිලි හේතුවෙන් වැඩබලන පොලිස්පතිවරයාගෙ නියෝග මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙයි.

ඒ අනුව මහජනතාව වැඩි වශයෙන් පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන උදෑසන 08.00 සිට 10.00 දක්වාත් සවස 05.00 සිට රාත්‍රී 07.00 දක්වා කාලය තුළ වැඩි ප්‍රමුකතාවක් ලබාදෙමින් වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙයි.
ඒ සඳහා සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරීන් පොදු ප්‍රවාහන සේවා සඳහා යෙදවීමට නියමිත බව පොලිස් මූලස්ථානය පවසයි.

මෙම කාලය තුළ බස්රථ වල බස් බිපෝ වල,දුම්රිය ස්ථාන වල සහ විශාල ජනකායක් සිටින ප්‍රදේශ වල සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරී කණ්ඩායම් යොදවන බව පොලිසිය පවසයි.

සිවිල් ඇදුමින් සැරසී සිටින නිලධාරීන්ට ප්‍රමාදයකින් තොරව අවශ්‍ය සහාය ලබාදීම සදහා ප්‍රධාන මාර්ග ආවරණය වන පරිදි නිල ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරීන් ද මාර්ග වල ස්ථාන ගතකර ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් පවසයි.

– නාගොඩ සුමන උදයන්ත

Related Posts

විදුලි ගාස්තු සංශෝධනය ගැන තීරණය මෙන්න

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (17)…

Read more

සුළි කුණාටුව තීව්‍ර වෙයි… වෙන්න යන්නේ මෙන්න මේකයි…

බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති ගැඹුරු පීඩන අවපාතය අද…

Read more

ආරුගම්බේ ආරක්ෂාව ගැන පොලිසියෙන් විශේෂ ප්‍රකාශයක්..

උදෑසනම අහන්න ලැබුණ උණුසුම් පුවතක් එක්ක සමාජයේ මේ…

Read more
Arugam Bay Attack

ආරුගම්බේට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක්.. අමෙරිකානුවන්ට එහි නොයන්නැයි තානාපති කාර්යාලය ඉල්ලයි..

කියන්න යන්නේ තවත් විශේෂ කාරණයක් ගැන ඇසෙන කතාවක්…..

Read more

ඉහළ අහසේදී යකා නැටූ ශ්‍රී ලංකන් ගුවන් යානය තුළ ඇත්තටම සිදුවුණේ කුමක්ද..?

ශ්‍රී ලන්කන් ගුවන් සේවයත් දැන් පාරේ යන බස්…

Read more

පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ තීරණයක්..

කියන්න යන්නේ පවතින කාලගුණය හමුවේ ඇසෙන තවත් විශේෂ…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *