අද ඉන්ධන හිඟයක්?

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන ලබාගැනීම සඳහා මුදල් ගෙවීමට දී තිබූ කාලය ඊයේ (06) උදෑසන 10ට සීමාකිරීම නිසා අද (07) දිනයේ ඉන්ධන හිඟයක් ඇති වීමට ඉඩකඩ ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන් කියා සිටිනවා.

එම සංගමය පෙන්වා දෙන්නේ ඉන්ධන පිරවුම්හල් හිමියන්ට මේ හේතුවෙන් අද දිනයට අවශ්‍ය ඉන්ධන තොග ඇනවුම් කර ගැනීමට නොහැකි වූ බවය.

උදෑසන10ට පෙර ඉන්ධන ඇනවුම් කිරීමට සියලුම පිරවුම්හල් හිමියන්ට අවස්ථාවක් නොමැති බව ඔවුන් කියා සිටිනවා.

මේ හේතුවෙන් අද දිනයේ ඇතිවන ඉන්ධන හිඟයට තම සංගමය ඇතුළු පිරවුම්හල් වග නොකියන බව ද බෙදුම්කරුවන් පෙන්වා දෙනවා.

ඉන්ධන අලෙවිය සීග්‍ර ලෙස පහත වැටීම නිසා ඉන්ධන සඳහා උදෑසන 10ට පෙර මුදල් තැන්පත් කිරීමට බෙදුම්කරුවන්ට අපහසු බැවින් බෙදුම්කරුවන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් චෙක්පත් පහසුකම ඉල්ලා තිබෙනවා.

නමුත් ඔවුන් කියා සිටින්නේ සංස්ථාව මේ දක්වා ඒ වෙනුවෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.

Related Posts

ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය ගැන ඇසෙන ඇඟ කිලිපොළා යන ආරංචිය මෙන්න..

අතුරුගිරිය සිදුවීමට සම්බන්ධ තවත් පාර්ශ්වයක් ගැනයි මේ විශේෂ…

Read more

පාසල් ආරම්භ වන දිනය ගැන දැනුම්දීමක්

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල…

Read more

රියදුරු බලපත්‍ර ලක්‍ෂ 20ක් අහෝසි කරනවාද..?

රියදුරු බලපත්‍ර ලක්ෂ 20ක් අහෝසි කිරීමට රජය කිසිදු…

Read more

ක්ලබ් වසන්ත ඝාතනයේ එක් වෙඩික්කරුවෙකු අත්අඩංගුවට

ක්ලබ් වසන්ත ඝාතනනයේ එක් වෙඩික්කරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා….

Read more

පාසල් සිසුන්ට ලැබෙන්න යන සුපිරි චාන්ස් එක

කෘත්‍රිම බුද්ධිය ආශ්‍රිත ශිෂ්‍ය සමාජ අධ්‍යාපන පද්ධතියට හඳුන්වා…

Read more

මෙන්න ඔබට සහන රැසක්… ආදායම් බදු සංශෝධනය වෙයි…?

කියන්න යන්නේ ඔබට තවත් වැදගත් වෙන ආරංචියක්.. පුද්ගල…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *