මෙම එන්නත ලබා ගත් ඔබත් දැනුවත් වෙන්න.. ආන්දෝලනයක් ඇති කළ කොවිඩ් එන්නත ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න..

මේ වෙනකොට සමාජයේ ගොඩක් කතාබහට ලක්වුණු කාරණාවක්..

ඇත්තටම මේ කියන අහිතකර ප්‍රතිඵල මේ දේවල් නිසා ඇති වෙනවාද..? මේ ඒ ගැන ඇහෙන අලුත්ම කතාවයි..

AstraZeneca කොවිඩ් එන්නත සම්බන්ධයෙන් මතු වී ඇති ආන්දෝලනාත්මක කතාබහ හමුවේ එම එන්නත ලංකාවට ගෙන්වීමේ දී තත්ත්ව පරීක්ෂාවක් සිදුකළේ ද නැද්ද යන්න පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කරන ලෙස තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලීමක් කර තිබෙනවා..

එම ඉල්ලීම පහතින් දැක්වෙයි..

”කොවිඩ් වසංගතය පැවැති කාලයේ දී ලබා දුන් එන්නත්වලින් පසු හෘදයාබාධ සහ එකතැන්වීම් ආදිය වැඩිවූ බවට ශ්‍රී ලංකාවේ කතාබහක් පැවැතිය ද එය ඒ දිනවල යටපත් වී ගිය අතර AstraZeneca එන්නතෙන් පසු දරුණු අතුරු ආබාධ ඇතිවිය හැකි බවට එම සමාගම පිළිගත් බව කියමින් දෙස් විදෙස් මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.

ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගතය පැවැති සමයේ රජය විසින් එන්නත්කරණය අනිවාර්ය කර තිබුණු අතර එන්නත් නොමැතිව පොදු ස්ථානවලට පැමිණීමට ඉඩ නොදෙන බවට ද නිවේදනය කළේය. රජයේ බලපෑම හමුවේ බොහෝ දෙනෙක් එන්නත්කරණය සඳහා යොමු වූහ.

විශේෂයෙන්ම කොවිඩ් වසංගතය සමයේ දී සෞඛ්‍ය බලධාරීන් වෙනුවට හමුදාවේ කිහිප දෙනකුට වසංගතයේදී ගත යුතු ක්‍රියාමාර්ග ගැන ක්‍රියාත්මක කිරීමේ කටයුතුවල මුල්තැන ලබාදීම ද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ලොකු කතා බහත් ඇති විය.

AstraZeneca සහ අනිකුත් කොවිඩ්වලට එරෙහි එන්නත් ලංකාවට ගෙන එද්දි නිසි පර්යේෂණයක් සිදුවී ඇත්ද යන්න ගැන මේ වන විට බරපතල සැකයක් ඇතිවී තිබේ.

මෙම එන්නත්වලින් ඇතිවිය හැකියැයි කියන බරපතල අතුරු ආබාධ ගැන සඟවමින් ජනතාවට එන්නත් ලබා ගන්නා ලෙසට බලපෑම් කිරීම තුලින් මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට පෙනී යන බැවින් මෙම සමස්ත ක්‍රියාධාමය ගැන විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ඉල්ලා සිටිමු.”

Related Posts

විදුලි ගාස්තු සංශෝධනය ගැන තීරණය මෙන්න

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (17)…

Read more

සුළි කුණාටුව තීව්‍ර වෙයි… වෙන්න යන්නේ මෙන්න මේකයි…

බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති ගැඹුරු පීඩන අවපාතය අද…

Read more

ආරුගම්බේ ආරක්ෂාව ගැන පොලිසියෙන් විශේෂ ප්‍රකාශයක්..

උදෑසනම අහන්න ලැබුණ උණුසුම් පුවතක් එක්ක සමාජයේ මේ…

Read more
Arugam Bay Attack

ආරුගම්බේට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක්.. අමෙරිකානුවන්ට එහි නොයන්නැයි තානාපති කාර්යාලය ඉල්ලයි..

කියන්න යන්නේ තවත් විශේෂ කාරණයක් ගැන ඇසෙන කතාවක්…..

Read more

ඉහළ අහසේදී යකා නැටූ ශ්‍රී ලංකන් ගුවන් යානය තුළ ඇත්තටම සිදුවුණේ කුමක්ද..?

ශ්‍රී ලන්කන් ගුවන් සේවයත් දැන් පාරේ යන බස්…

Read more

පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ තීරණයක්..

කියන්න යන්නේ පවතින කාලගුණය හමුවේ ඇසෙන තවත් විශේෂ…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *