මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ගණන් අඩු කරනු ලැබුවා…
ඊට සමගාමීව සයිනොපෙක් සමාගමද , අඩු කළ ඉන්ධන මිල ගණන් අද ඉදිරිපත් කර තිබෙනවා..
ඒ අනුව , ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 365ක් ලෙස සටහන් වුණා. එය අනිකුත් ඉන්ධන පිරවුම්හල් සමඟ සසඳා බලන කළ රුපියල් තුනක අඩු වීමක්..
නමුත් අනිකුත් ඉන්ධන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අඩු කළ පහත මිල ගණන් යටතේම සයිනොපෙක් සමාගමින් ද ලබා ගැනීමේ හැකියාව ලැබෙනු ඇති..
.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 420ක්..
සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 30කින් පහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 333ක්..
එමෙන්ම ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 09කින් පහළ දමා තිබේ. එහි නව මිල රුපියල් 377ක්..