අධිවේගය භාවිත කරන රියැදුරන්ට දැනුම් දීමක්…

අධිවේගී මාර්ගයේ අවම වේගයට වඩා අඩු වේගයෙන් රිය ධාවනය කරන රියැදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ දැනට අධිවේගී මාර්ගයේ වාර්තා වී ඇති අනතුරුවලින් වැඩි සංඛ්‍යාවක් නියමිත වේගයට ගමන් නොකොට අඩු වේගයකින් රිය පදවන රියැදුරන් නිසා සිදුව තිබෙන බවට අනාවරණය වීමත් සමගයි.

මේ අනුව දැනට පැයට කිලෝමීටර් 100ක උපරිම වේගය ඒ අයුරින්ම රඳවා ගනිමින් පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර අවම වේගයක් හඳුන්වා දීමට මාර්ග සංවර්ධන අධිකාරියට උපදෙස් දී ඇත.

මේ අනුව අනතුරු සිදුවිය හැකි අන්දමින් අඩු වේගයෙන් ගමන් කරන රියැදුරන්ට එම චෝදනාව මත දඩ නිකුත් කිරීමටද නියමිතයි.

එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්.වී.එස්. වීරකෝන් සඳහන් කරන්නේ මේ මාසය අවසන් වීමට ප්‍රථම අවම වේග සීමාව හඳුන්වා දෙන බවයි.

ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන විසින් මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අවසරයද ලැබී ඇත.

Related Posts

ගම්පහ අධි අවදානම් – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

අධි අවදානම් ස්ථාන 65ක් නම් කිරීමට මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය…

Read more

මෙම එන්නත ලබා ගත් ඔබත් දැනුවත් වෙන්න.. ආන්දෝලනයක් ඇති කළ කොවිඩ් එන්නත ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න..

මේ වෙනකොට සමාජයේ ගොඩක් කතාබහට ලක්වුණු කාරණාවක්.. ඇත්තටම…

Read more

ගෑස් මිල පහළට

මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස්…

Read more

යළි පාසල් ඇරඹෙන දිනය ගැන දැනුම්දීමක්..

සිංහල අවුරුදු නිවාඩුවෙන් පස්සේ පාසල් නැවතත් ආරම්භ වුණේ…

Read more

ගෑස් මිල පහළට

දැනට රුපියල් 4,115ක් ලෙස පවතින කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ…

Read more

අලුත් වාහනයක් ගන්න මඟ බලාගෙන හිටපු ඔබට මෙන්න සුබ ආරංචියක්..

ගොඩක් මිනිස්සුන්ට ලොකු ලොකු හීන නැහැ.. හැමෝටම තියෙන්නේ…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *