ඔන්ලයින් පනත දැන් ක්‍රියාත්මකයි – සමාජ මාධ්‍යවල මේ දේවල් කරන්න එපා – කරොත් හිරේටම යවයි

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත අද (පෙබරවාරි 01 වැනිදා) සිට බලාත්මක වෙයි.

ඒ, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් සිය අත්සන යොදා සහතිකය සටහන් කිරීමත් සමගය.

2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත ලෙස මෙය බලාත්මකය.

මෙම පනත් කෙටුම්පත පසුගිය 24 වනදා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත කෙරුණි.

කෙටුම්පතට අත්සන් නොකරන්නැයි ඉල්ලීම් රැසක්

පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත කරන ලද මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සාමූහික ප්‍රයත්නයක් ලෙස, ශ්‍රී ලංකාවේ සිවිල් සංවිධාන සහ ප්‍රමුඛ පෙළේ ක්‍රියාකාරීන් රැසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන වෙත විවෘත ලිපියක් යොමු කරන ලදී.

ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග අකුරටම පිළිපදින තුරු ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත අනුමත කිරීමෙන් වළකින ලෙස එම ලිපිය යොමු කරමින් ඔවුන් කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණි.

ඊට අමතරව දේශපාලන පක්ෂ කිහිපයක් විසින්ද මෙම කෙටුම්පතට අත්සන් කිරීමෙන් වළකින ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටින ලදී.

එවැනි ඉල්ලීම් මැද කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් මෙම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කෙටුම්පත බලාත්මක කරමින් සිය සහතිකය යොදනු ලැබ තිබේ.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්මතයි

Online Safety හෙවත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත (ජනවාරි 24වැනිදා) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.

ඊට පක්ෂව ඡන්ද 108ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 62කි.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ, පාර්ශව රැසක් මේ පනත් කෙටුම්පත පිළිබඳව දැඩි විරෝධයක් එල්ල කර ඇති පසුබිමක් තුළයි.

  • මෙම පනත් කෙටුම්පත යටතේ මූලිකවම
  • මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීම
  • ශ්‍රී ලංකාව තුළ සිද්ධියක් පිළිබඳ ඇතැම් ප්‍රකාශ මාර්ගගත ලෙස සන්නිවේදනය කිරීම තහනම් කිරීමට විධිවිධාන සැලසීම
  • තහනම් කාර්ය සඳහා මාර්ගගත ගිණුම් සහ ව්‍යාජ මාර්ගගත ගිණුම් භාවිතය වැළැක්වීම
  • ශ්‍රී ලංකාව තුළ තහනම් කාර්ය සඳහා භාවිත කරනු ලබන මාර්ගත ස්ථාන හඳුනා ගැනීම සහ ප්‍රකාශයට පත් කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම
  • සිද්ධියක් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීමට මුදල් සැපයීම සහ අනෙකුත් ආධාර ලබා දීම මැඩපැවැත්වීම යනු කරුණු අරමුණු කරයි.

පනත් කෙටුම්පත මඟින් ‘ වැරදි ලෙස අර්ථ’ ගන්වා ඇත්තේ මොනවාද?

රජය විසින් කෙටුම්පත් කර ඇති මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත මඟින් අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ක්‍රියාකරකම් කිහිපයක් වැරදි ලෙස අර්ථ ගන්වා ඇත.

ඒ අනුව,

  • ශ්‍රී ලංකාව තුළ සිද්ධියක් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම
  • අපහාසයට හේතුවන අසත්‍ය ප්‍රකාශ සිදු කිරීම
  • අසත්‍ය ප්‍රකාශ මඟින් කැරලි ගැසීමක් සිදු කිරීම සඳහා නිකරුණේ ප්‍රකෝප කරවීම
  • අසත්‍ය ප්‍රකාශ මඟින් ආගමික රැස්වීමකට බාධා කිරීම
  • ආගමික හැඟීම්වලට රිඳවීමේ ඒකාන්ත චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම
  • ආගමික හැඟීම් නිග්‍රහයට පාත්‍ර කිරීම සඳහා ඒකාන්තයෙන් සහ ද්වේශ සහගත ලෙස අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම
  • මාර්ගගත ක්‍රම හරහා අසත්‍ය සන්නිවේදනය කිරීමෙන් වංචා කිරීම
  • අනෙකෙකු ලෙස පෙනී සිටීමෙන් වංචා කිරීම
  • සාමය කඩ කිරීමක් සිදු කිරීම සඳහා ප්‍රකෝප කරවීමේ චේතනාවෙන්ම අසත්‍ය ප්‍රකාශයක් මඟින් චේතනාන්විතවම නින්දා කිරීම
  • කැරැල්ලක් හෝ රජයට විරුද්ධව වරදක් ආදිය සිදුකිරීමට සැලැස්වීමේ චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සංසරණය කිරීම
  • හිරිහැර සිදුකිරීම සඳහා සිද්ධි පිළිබඳ ප්‍රකාශ සන්නිවේදනය කිරීම
  • ළමා අපයෝජන
  • වරදක් සිදු කිරීම සඳහා ‘බොට්’ සෑදීම හෝ අවභාවිතා කිරීම
  • කොමිෂන් සභාවේ විධානයකට අනුකූලව කටයුතු කිරීම පැහැර හැරීම
  • මෙම පනත යටතේ වැරදි ලෙස නම් කර තිබේ.

දඬුවම් මොනවා ද?

මෙම පනත යටතේ ගැනෙන වරදක් සිදුකර ඇති පුද්ගලයකු බන්ධනාගාරගත කිරීමකට හෝ දඩයකට යටත් කිරීම සහ එම දඬුවම් දෙකටම යටත් කිරිමේ හැකියාව පවතියි.

මෙම පනතට විරෝධය දක්වන පාර්ශව මතුකරන කාරණයක් වන්නේ මෙම පනත් කෙටුම්පත හරහා ඔන්ලයින් මගින් සේවා සපයන්නන්හට දඬුවම් කිරිමේ හැකියාවක් පවතින අතර, එමඟින් සේවා සැපයිම අඩාලවීමේ අවදානමක් පවතිය.

එමෙන්ම සමාජ මාධ්‍ය හරහා ව්‍යපාරවල නිරත පුදගලයන් හට ද මෙම පනත හරහා ගැටලු ඇතිවීමේ ඉඩ පවතින බව විචාරකයින් මතුකරන තවත් කාරණයකි.

අදාළ කොමිසමේ සියලු සාමාජිකයන් පත් කිරීමේ බලය ජනාධිපතිවරයා සතුවීම කොමිෂන් සභාවේ ස්වාධීනත්වය කෙරෙහි බලපාන තවත් කරුණක් බවද මෙම කෙටුම්පතට විරෝධය දක්වන පාර්ශව පෙන්වා දෙන තවත් කරුණකි.

මෙම කොමිසමට ප්‍රකාශවල සත්‍යාසත්‍යතාව තීරණය කිරීමට ඉඩ ලබාදීම හරහා භාෂණයේ හා ප්‍රකාශයේ නිදහසට බලපෑම් සිදුවීමේ ඉඩක් ඇතිවීමේ අවදානමක් පවතින බව ද ඔවුහූ පෙන්වා දෙති.

Related Posts

ගම්පහ අධි අවදානම් – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

අධි අවදානම් ස්ථාන 65ක් නම් කිරීමට මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය…

Read more

මෙම එන්නත ලබා ගත් ඔබත් දැනුවත් වෙන්න.. ආන්දෝලනයක් ඇති කළ කොවිඩ් එන්නත ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න..

මේ වෙනකොට සමාජයේ ගොඩක් කතාබහට ලක්වුණු කාරණාවක්.. ඇත්තටම…

Read more

ගෑස් මිල පහළට

මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස්…

Read more

යළි පාසල් ඇරඹෙන දිනය ගැන දැනුම්දීමක්..

සිංහල අවුරුදු නිවාඩුවෙන් පස්සේ පාසල් නැවතත් ආරම්භ වුණේ…

Read more

ගෑස් මිල පහළට

දැනට රුපියල් 4,115ක් ලෙස පවතින කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ…

Read more

අලුත් වාහනයක් ගන්න මඟ බලාගෙන හිටපු ඔබට මෙන්න සුබ ආරංචියක්..

ගොඩක් මිනිස්සුන්ට ලොකු ලොකු හීන නැහැ.. හැමෝටම තියෙන්නේ…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *