මාලඹේ කහන්තොට පාර ජයන්ති මාවත නිවසක් තුළ දී විස වායුවක් කාන්දු වීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි මාලඹේ පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 65 ක සහ 43 ක පුද්ගලයන් දෙදෙනෙකි.
මියගිය දෙදෙනාගේ සිරුරු කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව ද පොලිසිය පවසයි.
මෙලෙස මියගිය පුද්ගලයන් දෙදෙනා යම්කිසි රසායන ද්‍රව්‍යයන් කිහිපයක් කලවම් කිරීමට යාමේදී ඇති වූ විස දුමක් කාන්දු වීම නිසාවෙන් හුස්ම ගැනීමට නොහැකිව මරණයට පත්වන්නට ඇතැයි පොලිසිය සැක කරනවා.
නිවසේ තිබෙන රසායනික ද්‍රව්‍ය පිළිබඳව තවමත් හඳුනා ගැනීමට නොහැකි වී ඇති බවත් නිවස තුළ අදාළ විෂ වායුව තවමත් තිබෙන බැවින් පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා නිවස තුළට යෑමේ අපහසුතාවයක් ඇති බවද පොලිසිය සදහන් කරනවා.