අද සිට විදුලි කප්පාදුවක් නෑ..

අද දිනයේ සිට අඛණ්ඩව විදුලි බලය ලබාදෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

නව විදුලි ගාස්තු සංශෝධනය අද දිනයේ සිට ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා පවසයි.

අද විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

විදුලි ගාස්තු ඉහල දැමීමට අනුමැතිය වීමත් සමඟ අඛණ්ඩව විදුලි සැපයීමටත්, අඩු ආදායම්ලාභී පවුල් වෙත සහන සැලසීම සහ ආගමික ස්ථාන සහ රජයේ අධ්‍යාපන ආයතන ආයතන සඳහා සූර්ය පැනල ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දුන් බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × two =