නාන කාමරයේ වතුර බාල්දියට බිලි වූ සිඟිති පුතු…

Editorial Staff by Editorial Staff -
11 views 0 comments
Advertisement

මඩකලපුව – තන්නාමුනේ ප්‍රදේශයේදී නාන කාමරයේ තිබූ වතුර බාල්දියකට ඇදවැටී සිඟිත්තෙකු අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ තන්නාමුනේ ප්‍රදේශයේ පදිංචි ජෙනිෆර් අග්නිව් විකාන් නමැති අවුරුද්දක් වයසැති දරුවෙකි.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, දරුවාගේ මව රෙදි සෝදා ඒවා වේලීමට දැමීම සඳහා නාන කාමරයෙන් පිටතට ගොස් සිටි අවස්ථාවේ, නිදා සිටි දරුවා අවදි වී නාන කාමරය වෙත ගොස් ඇති බවය.

දරුවා අවදී වී නාන කාමරයේ සිටින බව දුටු මව රෙදි වේලීමට දමා අහවර කර දරුවා නෑවීම සඳහා අවශ්‍ය ඇඳුම් සහ අනෙකුත් දෑ ගෙන ඒම පිණිස මොහොතකට නිවස තුළට ගොස් ඇත.

එම කෙටි කාලය තුළ, නාන කාමරයේ රෙදි සේදීමෙන් පසු ඉතිරිව තිබූ වතුර පිරවූ බාල්දියට දරුවා වැටී තිබේ.

යළි නාන කාමරයට පැමිණි මව දැක ඇත්තේ දරුවා බාල්දිය තුළ හිස පහළට වැටී හුස්ම සිරවී සිටින බවය.

ඒ අනුව දරුවා රෝහල වෙත රැගෙන ඇති නමුත් ඔහු මියගොස් තිබේ.

මරණය සම්බන්ධයෙන් මඩකලපුව රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර ඇති අතර, එහිදී අනාවරණය වූ කරුණු මත දරුවාගේ දේහය අවසන් කටයුතු සිදුකිරීම සඳහා පවුලේ ඥාතීන් වෙත භාර දී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් එරාවුර් පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?